ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි.
ජීවිත බේරා ගැනීම සඳහා ආක්‍රමණශිලී පියවරයන් අනුගමනය කරන ලෙසත් සමාජ දුරස්ථ කිරීම් භාවිතා කරන ලෙසත් ඔහු සියලු රටවලින් ඉල්ලා සිටියි.
"මේ ගින්න තවතවත් ඇවිලීමට ඉඩ නොදෙන්න" යැයි ඔහු පැවසීය.
යුරෝපයේ රටවල් කිහිපයක මරණ සංඛ්‍යාව ඉහල ගොස් ඇති බව වාර්තා වීමෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් යුරෝපයේ දේශසීමා ගණනාවක් පාලනය කිරීමට සිදුව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව රටවල් 123 ක පුද්ගලයින් 132,500 කට වැඩි පිරිසකට කොවිඩ් -19 රෝගය වැලඳී ඇත.
මුළු මරණ සංඛ්‍යාව 5,000 ක් පමණ වෙයි.
"යුරෝපය දැන් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. චීනය හැරුණු විට ලෝකයේ සෙසු රටවල එකකට වඩා ආසාදන සිද්ධීන් හා මරණ වාර්තා වී තිබේ. චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් දැන් දිනකට ලෝකයේ වාර්තා වේ."
යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට වන ඉතාලියේ මේ වන විට රෝගීන් 15,100 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 1,000 ක් වාර්තා වී තිබේ. ප්‍රංශයේ රෝගීන් 2,860 ක්ද, ජර්මනිය 2,369 ක්ද, බ්‍රිතාන්‍යයේ ආසාදන 798 ක්ද දැන් තහවුරු වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපය කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා
Samitha Senaka Aluthgamage. Saturday, 14 March 2020 07:14 AM
මේ රෝගය බෝවීමට ප්‍රථම නයි සුප්, නයින් බහා සෑදූ වයින් ආදියට අධික මිලක් හා වටිනාකමක් තිබුණා. මින් ඉදිරියටවත් එසේ වේවිද?