
තමන් ඇමෙරිකා ධුරය හෙබ වූ වසර හතර ‘‘විශ්වාස කළ නොහැකි සුවිශේෂී වසර හතරක්’’ බවත් ‘‘යම් ආකාරයකින් නැවත පැමිණෙන’’ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට පැය තුනක් පමණ තිබියදී ජනාධිපති ට්‍රම්ප් ඒ බව පැවැසීය.
ජනාධිපති ට්‍රම්ප් ඉදිරියේදී නව පක්ෂයක් පිහිටුවනු ඇති බව ද මේ වනවිට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
‘‘යනවා කියලා මම ඔබට කියන්න ඕනෑ. එය දීර්ඝ කාලයකට පස්සේ යනවා කියනවා වගේ නම් නෙමෙයි’’ ධවල මන්දිරයෙන් පිටත් වීමට පෙර ට්‍රම්ප් කීය.
ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කෙටි රතු පලසක් මතින් මරීන් වන් හෙලිකොප්ටර් යානයට පැමිණියේ ය. ඔවුහු එතැනින් ඇන්ඩෘස් ඒකාබද්ධ කඳවුරට පිටත් වූහ.
ඇන්ඩෘස් කඳවුරට ට්‍රම්ප්ට සහාය පිරිසක් රැස්ව සිටි අතර ට්‍රම්ප් ඔවුන්ට ආචාර කරමින් එහිදි රැස්ව සිටි පිරිස ද ඇමතී ය.
ට්‍රම්ප් රැස්ව සිටි පිරිස ඇමතීමට ඔහුට ජනාධිපතිවරයා ලෙස, අවසන් වරට ආචාර වෙඩි මුර 21 ක උත්තමාචාරයක් ඔහුට පිරිනැමිණි.
‘‘මේක විශ්වාස කරන්න බැරි සුවිශේෂී අවුරුදු හතරක්. අපි එකට එක්ව බොහෝ දේ ළඟා කරගත්තා. මම සැම විටම ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඔබේ ජනාධිපතිවරයා වීමට ලැබීම මට ඉමහත් ගෞරවයක් වගේම භාග්‍යයක්. අපි යම් ආකාරයකින් නැවත පැමිණෙනවා’’ යැයි ට්‍රම්ප් එහිදි කීය.
ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට 74 වැනි වියේ පසුවන අතර ඔහු 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි පැවසේ. කෙසේ නමුත් මේ වනවිට ඔහුට එරෙහිව ඇමෙරිකානු කොංග්‍රසයේ දී දෝෂාභියෝගයක් සම්මත වී තිබෙන අතර සෙනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය කිරීම සඳහා ඉකුත් (6) වැනිදා කොංග්‍රසය රැස් විය. කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී ට්‍රම්ප්ට සහාය දක්වන පිරිසක් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ. ට්‍රම්ප් ඔවුන් උසි ගැන්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන අතර ඔහුට එරෙහි දෝෂාභියෝගයට හේතුව වූයේ ද ‘‘කැරැලි ගැසීමට උත්සාහ කිරීම’’ යන්නයි.
ට්‍රම්ප් ඇන්ඩෘස් කඳවුරේ දී නව පරිපාලනයට සුබ පැතීමට ද අමතක නොකළේ ය. කෙසේ නමුත් හෙතෙම එහිදි බයිඩන් ගේ නම සඳහන් නොකිරීමට ද පරෙස්සම් විය.
‘‘නව පරිපාලනයට මම සුබ පතනවා’’ යැයි ට්‍රම්ප් කීය.

(ඒ.එෆ්.පී.)
055
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යම් ආකාරයකින් නැවත පැමිණෙනවා - ට්‍රම්ප්
Kumar (Gulf) Monday, 25 January 2021 06:40 PM
ඇමෙරිකාවට ලැබුණු හොඳම ජනාධිපතිතුමා ට්‍රම්ප්...!!!