IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යේමන ජනපති දිවුරුම් දෙද්දී බෝම්බයක් පිපිරී 26 ක් මියයති

යේමනයේ ජනමත විචාරයෙන් පසු එරට උප ජනාධිපතිව සිටි අබ්ද් රබ්බු මන්සූර් හාඞී, පෙරේදා (25) ජනපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී ජනපති මන්දිරයට නුදුරින් කාර් බෝම්බයක් පුපුරා ගියේය. පුද්ගලයන් 26 දෙනකු ඊට බිලි වූ අතර තුවාල ලැබූ ගණන 32 කි. එම ප‍්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් යැයි යේමන ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයේ වගකීම අල් කයිඩා සංවිධානය විසින් බාරගනු ලැබ ඇත. ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අබ්ද් රබ්බු මන්සූර් හාඞී කියා සිටියේ යේමනයට තර්ජනයක් වී ඇති අල් කයිඩාව අතුගා දැමීමට තමා කටයුතු කරන බවත් එය ජාතික අවශ්‍යතාවක් වී ඇති බවත්ය. මන්සූර් හාඞී, ජනපති ධුරයට පත්වූයේ වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ යේමනයේ ජනපතිව සිටි අලී අබ්දුල්ලා සාලේ ජනතා විරෝධය මැද ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. සාලේ ධුරයෙන් ඉවත් වූයේ උප ජනපතිව සිටි මන්සූර් හාඞීට බලය පවරා දෙමිනි. එම බලය පවරා දීම සිදුවුණේ ඇමෙරිකාවත් යේමනයේ අසල් වැසියන් වන අරාබි රටවලත් මැදිහත් වීමෙනි. ධුරයෙන් ඉවත් වෙද්දී සාලේ, මන්සූර් හාඞීට හමුදාපති ධුරය ද පිරිනැමීමට කටයුතු කළේය.



අදහස් (0)

යේමන ජනපති දිවුරුම් දෙද්දී බෝම්බයක් පිපිරී 26 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site