යේමනයේ ජනාධිපති වරණය ඊයේ (21) ආරම්භ වූ අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඊට බාධා එල්ල විය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ වූයේ ජනපතිවරණය ඇරැඹීමට දින කිහිපයකට පෙර සිටය. වසර ගණනක් තිස්සේ ජනපති ධුරයේ සිටි අලී අබ්දුල්ලා සාලේ ඉන් ඉවත් වීමෙන් පසු නව ජනපතිවරයකු පත් කර ගැනීමට එම ජනපතිවරණය පැවැත්විණි.
යේමනයේ විරෝධතා ආරම්භ වූයේද ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන්, ලිබියාවෙන් ඇරැඹි ‘අරාබි වසන්තය’ නමැති ජනතා විරෝධතාවලට සමගාමීවය. එහෙත් උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩාව සමඟ සටන් කිරීමට ඇමෙරිකාවට ජනපති සාලේ සහාය දුන් නිසා ඔහු ඇමෙරිකාවේ මිතුරකු විය. ඒ නිසා ලිබියාවේ ගඩාෆිට අත්වූ ඉරණම ඔහුට අත් නොවිණි.
කෙසේ නමුත් ජනතා විරෝධය උග‍්‍රවෙද්දී ඇමෙරිකාවේ සහ අසල්වැසි ගල්ෆ් රටවල බලපෑම මත උප ජනපතිට බලය පවරා ජනපති ධුරයට සමුදී ඇමෙරිකාවට යෑමට සාලේට සිදුවිය. යේමනයේ ජනපතිවරණකට මඟ පෑදුණේ ඉන් පසුවය.
ඒඩන් නගරයේ ඡන්ද පොළක පෙරේදා (20) රාති‍්‍රයේ බෝම්බයක් පුපුරා ගිය නමුත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. එමෙන්ම මුර සංචාරයේ යෙදී සිටි සෙබළ කණ්ඩායමකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සෙබළෙක් මියගියේය. තවත් සෙබළු තිදෙනෙක් තුවාල ලැබූහ. යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ එම ප‍්‍රහාර අල් කයිඩා සටන්කාමීන් විසින් එල්ල කරනු ලැබූ ඒවා බවය.
අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන දකුණු යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් යේමන වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ ජනපතිවරණය වර්ජනය කරන ලෙසටය.
මේ අතර පෙරේදා ඩැලියා නගරයේ මැතිවරණ විරෝධි රැුලියක් ද පැවැත්විණි. එම රැලියට හමුදාවෙන් බාධා එල්ල වූ අතර හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් නව දෙනෙක් තුවාල ලැබූහ.
අමතර පොලිස් සහ හමුදා බලඇණි යොදවා සානා අගනුවර ආරක්ෂාව තර කර ඇති බවත් අල් කයිඩාවේ බලය පවතින නගරවල සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් අභ්‍යන්තර කටයුතු ඇමැති අබ්දුල් කඩාර් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමන ජනපතිවරණයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා