IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යෝද වට්ටක්කා තරඟෙට එයි

රාත්තල් 1600ක් බර යෝද වට්ටක්කා ගෙඩියක් එංගලන්තයේ හැම්ස්ෆයර් හි සොහොයුරන් දෙදෙනකුගේ ගෙවත්තක හටගෙන තිබේ.

ඉයන් පැටන් හා ස්ට්‍රෝට් පැටන් නමැති මේ දෙදනා පවසන්නේ ඉදිරියේ දී මෙතෙක් ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය සෑදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. ඔවුන්ගේ වට්ටක්කා ගෙඩිය අඩි 16ක් උසැතිය. මීටර් 4.5ක වපසරියක් වසාගෙන පැතිර පවතී. මේ වර්ෂයේ වාර්තා වූ විශාලතම වට්ටක්කා ගෙඩිය මෙයයි. සොහොයුරන් දෙදෙනා පවසන්නේ පසුගිය වසරේ සිටවූ වැලට හොඳින් සාත්තුකළ බැවින් මේ ආකාරයේ ඵල දරණ බවයි.

ලබන 11 වැනි දින හෙම්ස්ෆයර් හි   රාජකීය වික්ටෝරියා උද්‍යානයේ දී පැවැත්වීමට නියමිත තරඟයකට ද මේ වට්ටක්කා ගෙඩිය ඉදිරිපත් කිරීමට නියමිතය. මෙතෙක් වාර්තා වූ විශාලතම වට්ටක්කා ගෙඩියේ බර රාත්ත්ල් 2,032කි.

1411999745768_Image_galleryImage_A_pair_of_twins_are_on_tr aaaaaaa 1412007351760_Image_galleryImage_A_pair_of_twins_are_on_tr



අදහස් (0)

යෝද වට්ටක්කා තරඟෙට එයි

දිලානි Saturday, 04 October 2014 06:32 AM

ඕකේ ඇට තියනවද දන්නේ නැහැ (නදී)

:       0       0

දයාල් Friday, 03 October 2014 08:49 AM

මෙහෙ අැපල් පෙයාර්ස් එලවලු වලට වෙනත් හෝමෝන දියර සහ පොහොර තියෙනවා මම හිතන්නේ මෙම වැලටත් හොමොනේ දමල, මගේ තක්කලි ගස් වල ගෙඩි පිරිලා. දියර සහ පොහොර දමල දෙන මගේ යහලුවන්ටත් තක්කාලි ඇතිවෙලා. (ස)

:       0       0

සඳරුවන් Saturday, 04 October 2014 07:38 AM

ඕවායේ ඉඩ නැද්ද හොයාගන්න (නදී)

:       0       0

සිරිසේන Sunday, 05 October 2014 02:26 AM

මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ලබුගෙඩියේ තොවිලයේ කතාව බොරුවක් කියලා (නි)

:       0       0

ධම්ම Friday, 03 October 2014 09:47 AM

'වැලේ ගෙඩිය වලට බර නෑ' පිරුළ මතක් උනා. (ස)

:       0       0

තෝමස් Tuesday, 07 October 2014 04:11 AM

වට්ටක්කා වැල නම ටොම්බා වට්ටක්කා. (නදී)

:       0       0

ලලිත් Thursday, 02 October 2014 09:47 PM

මේ එක්තරා වට්ටක්කා වර්ගයක්. සමහර රටවල ග්‍රීෂ්ම සමයේදී ගෙවත්තේ වවන ලෙකුම වට්ටක්කා ගෙඩියට තෑගි දෙන තරඟ සංවිධානය කරනවා. (නි)

:       0       0

හේෂාන් රන්දිම Monday, 06 October 2014 02:10 PM

මේ වට්ටක්කා ගෙඩිය කොහෙන්ද හොයාගත්තේ? (නි)

:       0       0

අසෝකා Friday, 03 October 2014 12:35 PM

ලංකාවේ මෙහෙම විශාල ගෙඩි හැදුනට වැඩක් තියෙයිද? හැදුනු වට්ටක්ක ටිකත් විකුණන්නේ බොහොම අමාරුවෙන්! (නි)

:       0       0

සම්පත් Friday, 03 October 2014 04:45 AM

අපි පොඩි කාලේ කාපු වට්ටක්කා තමා මේවා. දැන් ලංකාවේ තියෙන්නේ රස නැති කොළ පාට මැලේසියන් වට්ටක්කා. (නි)

:       0       0

සමන්ති Saturday, 04 October 2014 01:19 AM

වට්ටක්කා ගෙඩිය අඩි 18ක් උස නම් ගෙඩිය ළඟ ඉන්න අය අඩි කීයක් උසද දන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 03 October 2014 06:28 AM

" උඩ පල ගත්තත් වට්ටක්කා ....බිම පල ගත්තත් වට්ටක්කා " අපිටත් බැරිවෙයිද දන්නේ නැහැ කෘෂි කර්ම ඇමති තුමාට කියලා මේ වට්ටක්කා ගෙඩියෙන් බීජ ටිකක් ගෙන්නා ගන්න !(දිල්)

:       0       0

දුමිත Friday, 03 October 2014 03:00 PM

ජාන තාක්ෂණයේ විකෘති සෛල වර්ධනයක් වගෙයි (නි)

:       0       0

රොකී Sunday, 05 October 2014 12:37 PM

ඕක එච්චර පුදුම වෙන්න දෙයක් නොවෙයි. ඉස්සර අපේ රටේ හැදිච්ච ලබු ගෙඩි වල සයිස් එක හිතා ගන්න අර `ලබ්බේ තොවිලේ` කතාවම වුනත් ඇතිනේ. ඒ කාලේ අපේ රටේ වට්ටක්කයක් ඇතුලේ දේශපාලන රැස්වීමක් වුනත් තියන්න තරම් ඉඩ තිබුනා (නදී)

:       0       0

සුගත් බණ්ඩාර Saturday, 04 October 2014 05:58 AM

සම්පත් මම ඔබත් එක්ක එකඟයි. ඔබට හොඳ මතකයක් තියෙනවා තමයි. ලංකාවේ හේන් වට්ටක්කා බොහොම ඉස්සර කලේ. දැන් මේවා නෑ සුද්දා ලංකාව පාලනය කරන කාලේ අරගෙන ගිහින්. අතීතය මතක් කළාට බොහොම ස්තූතියි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site