IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යාඥාව අතරතුර ගින්නක්

ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ මහ ඇමැති කේ.චන්ද්‍රෙස්කර රාඕ මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ පස්දින යාඥා මෙහෙයකදී විශාල ගින්නක් හටගත් බව ඉන්දීය වාර්තා කියයි.

මෙම ගින්න හටගෙන ඇත්තේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි එම ස්ථානයට ළඟා වීමට සුළු මොහොතක් තිබියදී බව කියති. ගින්න හේතුවෙන් යාඥා මෙහෙයට බාධා සිදුවූ බවත් එහි ඉදිකර තිබූ පැලක වහලයටද දැඩි ලෙස හානිවූ බවත් එරට වාර්තා පවසයි.

ගිනි නිවන භටයන් සිව් දෙනකු වහා එහි ගොස් වතුර ඉස ගින්න මැඩ පවත්වා ඇති අතර කිසිවකුට ගින්නෙන් හානි සිදුවී නැති බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.

‘ආයුත චන්දි යාගම්‘ ස්ථානයේ සියල්ල හොඳින් බවත් මිනිසුන් ආරක්ෂිතව සිටින බවත් මහ ඇමැතිවරයාගේ දියණිය කවිතා කුල්වකුන්ත්ලා ට්විටර් පණිවිඩයකින් කියන්නීය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර් 80 ක් පමණ එපිටින් පිහිටි මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ ආයුත චන්දි යාගම් යාඥා වැඩසටහනේ අවසන් දිනය අද විය.  තෙළඟනා වැසියන්ගේ සමෘද්ධිය පතා යාඥාව සංවිධානය කැරිණි.


 



අදහස් (0)

යාඥාව අතරතුර ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 529 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site