
මෙවර නත්තල අර්ථවත් කරමින්, රුසියන් ප්‍රහාර හේතුවෙන් යටිතල පහසුකම් බිඳ වැටී, කුසගින්නේ සහ සීතලේ පීඩාවට පත්වී සිටින යුක්රේන සිවිල් වැසියන්ට පිහිට වෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.
“මා දන්නවා යුක්රේන වැසියන් පීඩාවට පත්වෙලා. ඔවුන් දුක් විඳිනවා. නත්තල් සැරසිලි සහ නත්තල් තෑගි සඳහා වැඩි අවධානයක් යොමු නොකර, යුක්රේන වැසියන්ගේ යහපත වෙනුවෙන් අප සැම මැදිහත් වෙන්න ඕනෑ. එයයි නත්තලේ සැබෑ අරමුණ එයයි.” යැයි ශුද්ධෝත්තම පාප්තුමන් පැහැදිලි කර තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේ පටන් ෆ්‍රැන්සිස් පාප්තුමන් ඊට විරෝධය පළ කරන්න විය.
යුක්රේන ආක්‍රමණය වහා නවත්වන්නැයි පාප්තුමන් අවස්ථා ගණනකදී රුසියාවට පවසා තිබේ.
රුසියාවත් යුක්රේනයත් සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට කැමැති නම්, තමන් ඒ සඳහා මැදිහත් වීමට කැමැති බව වතිකානය දැනුම් දී තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මෙම වසරේ පෙබරවාරි 24 වැනිදාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන වැසියන්ට පිහිට වෙමු: පාප්තුමාගෙන් පණිවුඩයක්