
යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය වසර ගණනාවක් දිග්ගැස්සෙනු ඇති බවත්, යුද්ධය අවසන් වනතුරු බටහිර රටවල් නොකඩවා යුක්රේනයට සහයෝගය ලබා දීමට සූදානමින් සිටිය යුතු බවත් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසයි.
‘නේටෝ’ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ ‘නේටෝ’සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අමතමිනි.
“යුද්ධයකදී දැරීමට සිදුවන පිරිවැය සහ ඉන් සිදුවන හානිය ඉතාමත් ඉහළයි නමුත් රුසියාවට තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට ඉඩ දීමෙන් ඇතිවන හානිය ඊට වැඩිය දරුණුයි” යැයි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පෙන්වා දුන්නේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය වසර ගණනක් දිග් ගැස්සිය හැකි බවට අනතුරු ඇඟවීය. අවි ආයුධ විශාල වශයෙන් යුක්රේනයට ලබා දීම තුළින් රුසියානු හමුදා පරාජය කිරීමට යුක්රේනයට වැඩි අවස්ථාවක් හිමිවන බව මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවැසුවේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන යුද්ධය වසර ගණනක් දිග්ගැස්සේවි