
යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය අත්හැරියත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් නොවනු නැතැයි එරට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් පවසයි.
රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන මෙඩ්වදේව් මේ බව කියා සිටියේ ප්‍රංශයේ එල්.සී.අයි. රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
යුක්රේන ජනාධිපති සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියාව සූදානමින් සිටින නමුත් සාකච්ඡා සඳහා සහභාගී වීමට නම්, යුක්රේන ජනාධිපතිවරයාට කොන්දේසි කීපයකට යටත් වීමට සිදුවනු ඇති බවත් මෙඩ්වදේව් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.
මීට මාස 6 කට පෙර, පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ සමීපව කටයුතු කිරීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කිරීම හේතුවෙනි.
ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපීය බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය.
යුක්රේනය ‘නේටෝ’ සාමාජිකයකු වීමට උත්සාහ ගැනීම රුසියාවේ ජාතික ආරක්ෂාවට මෙන්ම යුක්රේනයේ රුසියන් බස කතා කරන වැසියන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් විය. ඒ අනුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණයට හමුදාව මෙහෙය වීය. යුක්රේනය, අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ලෙස ද සැලකෙන මෙඩ්වදේව් 2008 සිට 2012 තෙක් කාලයේ රුසියාවේ ජනාධිපති ධුරය ද හෙබවීය. එදා පැවැති ව්‍යවස්ථාවට අනුව, පුටින් ට පිටපිට ධුර දෙකක් ජනපති ධුරයට පත්වීමට අවස්ථාවක් නොතිබුණු බැවිනි. 2008 සිට 2012 තෙක් කාලයේ රුසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ පුටින්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන යුද්ධය ලේසියෙන් අවසන් වෙන්නේ නෑ