IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්රේන පතලක පිපිරීමක්

යුක්රේනයේ  කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින  නැගෙනහිර කොටසේ ගල් අඟුරු ආකරයක  වායු පිපිරීමකින් පතල් කම්කරුවන් 30 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ සස්යඩ්කෝ ගල්අඟුරු ආකරයේය. වසර 8 කට පෙර යුක්රේනයේ 101 දෙනෙක් මරු මුවට පත්කරමින් සිදුවු පතල් අනතුරින් පසුවු දරුණුම පතල් අනතුර මෙය බවද වාර්තාවේ.

පතල් කම්කරුවන්ගේ ඥාතීන් සිද්ධිය වු ස්ථානයේ තොරතුරු බලාපොරොත්තුවෙන් එක් රොක් වී ඇති බවද එම වාර්තාවල සඳහන්ය. විදෙස් මාධ්‍ය පවසන්නේ අනතුරට පත්වූවන් බේරාගැනීමට අවශ්‍ය සම්පත් යෙදවීමේ හැකියාවක් කැරළිකරුවන්ට නොමැති බවයි.

රජයේ ගලවාගැනීම් කණ්ඩායම්වලට සහ පොලීසියට අනතුර සිදුවු පතල වෙත යාමට ඉඩ දෙන ලෙස යුක්රේනයේ ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ කැරළිකරුවන්ගෙන් ඉල්ලීම් කැර ඇත. අනතුර සිදුවු ගල් අඟුරු ආකරයේ වෘත්තීය සංගම් නිලධාරියෙක් යුක්රේන රෑපවාහිනියට පවසා ඇත්තේ මෑත දිනයන්හි මෙම ගල් අඟුරු පතල පිහිටි ප්‍රදේශය තුල සටන් නොපැවතුනු බවයි.

යුක්රේණය තුල ගැටුම් ඇති වීමට පෙරද ගල් අගුරු පතල් හි හදිසි අනතුරු බහුලව පැවතිනි. මිට හේතුව ගල් අඟුරු ආකරයන්හි ආරක්ෂක ප්‍රමිතීන් ඉතාමත් දුර්වල මට්ටමක පැවතීම බව විශේෂඥයෝ කියති.



අදහස් (0)

යුක්රේන පතලක පිපිරීමක්

අරවින්ද Sunday, 08 March 2015 11:42 AM

මෙයාලගේ දරුවෝ කොහොමද ජිවත් වෙන්නේ. ඉක්මනට බේරලා දෙන්න. පව් අහිංසකයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site