IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්රේන න්‍යෂ්ටික බලාගාරය බලන්න ජගත් නිරීක්ෂකයෝ එති

යුක්රේනයේ, රුසියන් හමුදා ග්‍රහණයේ පවතින ‘සැපොරිස්සායා’ බලාගාරය නිරීක්ෂණය කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිත පිරිසක් පැමිණියහ.

‘සැපොරිස්සායා’ යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. මේ වනවිට මෙම බලාගාරය ඇත්තේ යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා ග්‍රහණයේය. බලාගාරය ආශ්‍රිතව ද පසුගිය කාලයේ අවි ගැටුම් පවතී. යුක්රේන හමුදා උත්සාහ ගන්නේ බලාගාරය යළි ඔවුන්ගේ ග්‍රහණයට ගැනීමටය.

බලාගාරයට හානියක් සිදුවී විකිරණ කාන්දුවක් සිදුවුවහොත් එය යුක්රේනයට, රුසියාවට පමණක් නොව මුළු මහත් යුරෝපා කලාපයටම අහිතකර බලපෑම් එල්ල වීමට ඉඩ ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිතයන් පිරිසක් බලාගාරයේ නිරීක්ෂණයට පැමිණියේ රුසියාව සහ යුක්රේනය අතර ඇතිකරගත් එකඟතාවකට අනුවය.

(රොයිටර්)

 



අදහස් (0)

යුක්රේන න්‍යෂ්ටික බලාගාරය බලන්න ජගත් නිරීක්ෂකයෝ එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site