දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේමයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලන්කා සහ වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කේට් මිඩ්ල්ටන් හමුවිය.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති ආර්යාව මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි.
රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේන වැසියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ආර්යාව සහ වේල්සයේ කුමරිය අතරේ සාකච්ඡා කෙරුණි.
වෙස්ට් මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවයට තැබුණු දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යුක්රේන ජනාධිපති ආර්යාව ගියේ යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිගාල් සහ බ්‍රිතාන්‍යයේ යුක්රේන තානාපති වැඩිම් ප්‍රිස්ටයිකෝ ද සමඟය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යුක්රේන ජනපති ආර්යාව කේට් ම්ඩ්ල්ටන් හමුවෙයි