IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේන ජනපති ආර්යාව ඇමෙරිකාවේ

යුක්රේන ජනපති ආර්යා ඔලීනා සෙලෙන්ස්කා ඇමෙරිකාවේ සංචාරයක නියැළෙයි. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනය මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව දැනුවත් කිරීම ඇගේ මෙම සංචරයේ අරමුණ බව පැවැසෙයි.

ධවල මන්දිරයට පැමිණි ඔලීනා සෙලෙන්ස්කාට සූර්ය කාන්ත මල් කලඹක් පිරිනමමින්, මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් කටයුතු කළහ.

ධවල මන්දිරයට යෑමට පෙර ඔලීනා සෙලෙන්ස්කා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි.

ඔලීනා සෙලෙන්ස්කා යුක්‍රේන රජයේ කිසිදු නිල තනතුරක් දරන්නේ නැත. ඇය මෙම ඇමෙරිකන් සංචාරයේ නියැළෙන්නේ තම සැමියා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නියෝජනය කරමිණි.

ඒ අනුව, සෙලෙන්ස්කාගේ මෙම සංචාරයට මාධ්‍ය අවධානය දිනා​ගෙන තිබේ. සෙලෙන්ස්කා සමග යුක්රේන නියෝජිත පිරිසක් ද ඇමෙරිකා සංචාරයට එක් වී සිටින බව වාර්තා වේ. ඔලීනා සෙලෙන්ස්කා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් අතරේ ද හමුවක් පැවැත්විණි.

ධවල මන්දිරයට පැමිණීමට පෙර සෙලෙන්ස්කා වොෂින්ටනයේදී යුක්‍රේනය වෙනුවෙන් සම්මානයක්ද ලබාගත්තාය. යුක්‍රේනයට එම සම්මානය පිරිනැමීම සිදුවූයේ කොමියුනිස්ට්වාදයේ වින්දිතයන් අනුස්මරණ පදනමේ මැදිහත් වීමෙනි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කිරීමට ද සෙලෙන්ස්කා ට අවස්ථාවක් හිමි විය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන ජනපති ආර්යාව ඇමෙරිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site