යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් නොමැති සහ විකට නළුවකු වන ව්ලොදිමීර් සෙලෙන්සිකි ජයගනු ඇතැයි පැවසේ.
යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම අද (31) පැවැත්විණි. දූෂණයට එරෙහිව සටන් කරන බවට ප්‍රතිඥා දී තිබෙන සෙලෙන්ස්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
යුක්රේන ජනතාව ජීවන තත්ත්වය පහත වැටීම, දූෂණය හා වංචාව, ජීවන වියදම වැඩි වීම යන කරුණු හේතුවෙන් කලකිරීමට පත්ව සිටින අතර සාම්ප්‍රදායික දේශපාලනයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටිති.
“නව ජීවයක් ආරම්භ වෙනවා. දූෂණ හා වංචා නොමැති යහපත් ජීවිතයක් ආරම්භ වෙනවා” යැයි කීව්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් 41 හැවිරිදි සෙලෙන්ස්කි පැවැසීය.
යුක්රේනයේ නැගෙනහිර කොටසේ සිටින රුසියානු බෙදුම්වාදීන්ට එරෙහිව සටන් වදින යුක්රේන ආර්ථික අර්බුදයකට ද මුහුණ සිටී. සෙලෙන්ස්කි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝග දෙක වනු ඇත්තේ රුසියානු බෙදුම්වාදීන් සහ ආර්ථික අර්බුදයයි.
වත්මන් ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝ සෙලෙන්ස්කිගේ ප්‍රධානතම ප්‍රතිවාදීහුය.
අවසන් වරට පැවැති මත විමසුම්වලදී සෙලෙන්ස්කි සියයට 25 ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබූ අතර ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝට හිමිව තිබුණේ සියයට 15කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
ඡන්ද විමසීමෙන් ඉදිරිපත් ව සිටින අපේක්ෂකයන්ගෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයක් පැවැත්වෙන අතර එය අප්‍රේල් 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන ජනාධිපතිවරණයේ විකට නළුවා ඉදිරියෙන්
Sanath Kandy Monday, 01 April 2019 04:03 AM
අපේ රටෙත් ඕකම උනා 2015 දී. එත් මිනිස්සු ඡන්දෙ දුන්නේ හීරෝ කෙනෙක් කියලා හිතාගෙන. බලාගෙන යද්දී කොමඩියන් කෙනෙක්.