IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නොවේ‘‘

යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානී අලි අබේද්සාදේ අද (10) පැවැසීය.

ගුවන් යානය කඩාවැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට තොතුරු ලැබී ඇති බවට ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව වාර්තා කිරීමත් සමඟ තෙහ්රාන් අගනුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ඒ බව කීවේය.

“එක් දෙයක් සහතිකයි. ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ” යැයි අලි අබේද්සාදේ කීය.

ගුවන් යානය කඩා වැටුණේ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතියේ සිදු වූ දෝෂයකින් යැයි ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇත.

මෙම ගුවන් අනතුර ඉරානය 1988 වසරෙන් පසු මුහුණ දුන් දරුණුතුම අනතුර විය. එම වසරේදී ඇමෙරිකානු හමුදා අත්වැරැදීමකින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වූ අතර අනතුරින් එහි සිටි 290 දෙනාම මරණයට පත්වූහ.

“යානයේ කළුපෙට්ටිය දත්තා ලබාගැනීමට පෙර කරන ඕනෑම ප්‍රකාශයක් මතයක් විතරයි. ඇත්ත හොයාගන්න නම් විමර්ශන කරන්න ඕනෑ. කළු පෙට්ටියේ දත්ත ලබාගන්න ඕනෑ” යැයි අලි අබේද්සාදේ පැවැසීය.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (2)

‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නොවේ‘‘

Nimal Friday, 10 January 2020 12:45 PM

එහෙනම් ඉතින් ඇයි කළු පෙට්ටිය දෙන්න ඔයතරම් බය? එ්ක යුක්රේනයට දුන්නා නම් හේතුව හොයාගන්න තිබුණා නේද?

:       4       104

Kumar Friday, 10 January 2020 05:47 PM

මෙම ගුවන් යානය වැටෙන්න මොහොතකට කලින් ඉරාකයේ තිබෙන ඇමෙරිකන් කඳවුරු දෙසට ඉරානය මිසයිල යවන්න පටන්ගත් නිසා ඈත අහසේ තිබෙන ඔත්තු බලන සියලුම චන්ද්‍රික‍ා සියල්ලම ක්‍රියාකරමින් තිබුණු වග අමතක කරන්න එපා. දැන් කාලේ සෑම නිවසකම පාහේ cctv කැමරා තිබෙනවා. ඉතින් කොහොමද ඇත්ත වසන් කරන්නේ... මෙම ගුවන් යානයට වැටීඇත්තේ ඉරාකයට යමින් තිබූ මිසයිලයක් නොවේ. එවැනි මිසයිලවලට ගුවන් යානා සොයගත නොහැක. වැරදීමකින් යැවූ අහස් යාත්‍රා නාශක මිසයිලයක් වෙන්න ඇතියි මෙරට අය සිතන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 588 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site