යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉරානය පවසයි.ප්‍රහාරය හෙළාදකිමින් සිව්වැනි දිනටත් පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඉරානය මේ බව සඳහන් කර ඇත.
ස්වාධීන වාර්තාකරණයකට බාධාවන සීමාකිරීම් හේතුවෙන් උද්ඝෝෂණවල පවතින සැබෑ තත්ත්වය තක්සේරු කිරීම අපහසු වී තිබේ.
සරසවි සිසුන් මෙම උද්ඝෝෂණවල පෙරමුණ ගෙන සිටින අතර ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කරන බවට ද සාක්ෂි ලැබී ඇත.
උද්ඝෝෂකයින්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති බවට හා උද්ඝෝෂණ අතරතුර වෙඩි හඬවල් ඇසුණ බවට වාර්තා වුවත් වෙඩිතැබූ බව පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.
උද්ඝෝෂකයින් ඛසෙම් සොලෙයිමානිගේ ඡායාරූපවලට ගිනි තබමින් ටෙහෙරාන් ඇතුළු අනෙකුත් නගරවල රාත්‍රිය පුරා ද එක්වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැර තිබේ.
ඉරාන ප්‍රහාරයකින් සිදුවූ යුක්රේන ගුවන් යානා අනතුරෙන් මියගිය මගීන් 176 දෙනා අතරින් බහුතරයක් ඉරාන පුරවැසියෝ වෙති.
-226-
(රොයිටර් ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුක්රේන ගුවන් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට