IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යුක්රේන අගමැතිට අවස්ථාවක් දෙන්න ජනපති සැරසෙයි

අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක්ට තවත් අවස්ථාවක් දීමට තමාට අවශ්‍ය යැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

යුක්රේන අග්‍රාමාත්‍යවරයාගේ හඬ පටයක් ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම අර්බුදය හටගත්තේය. යුක්රේන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රශ්න කරන හඬ පටයක් පසුගියදා ප්‍රසිද්ධියට පත්විය. ඒත් සමඟම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක් පැවැසීය.

එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවත් ඔහුට ‘තවත් අවස්ථාවක්’ දීමට තමන්ට අවශ්‍ය බවත් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කීය.

ජනාධිපතිවරයාට ආර්ථිකය ගැන කිසිදු අදහස් නැති බව ප්‍රසිද්ධියට පත්වූ එම හඬ පටවලින් කියැවිණි.  

“ මං ඔබටත් ආණ්ඩුවටත් තවත් අවස්ථාවක් දෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති රැස්වීමකදී ජනාධිපති සෙලෙන්ස්කි කීය. ජනාධිපතිවරය එම රැස්වීමේ විඩියෝ පටයක් ද මුදා හැරියේය.

මෙම සිදුවීමේ ජනාධිපති සෙලෙන්ස්කිගේ පළමු සහ ප්‍රධාන දේශපාලන පරීක්ෂණය විය. සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර විකට නළුවෙකි. ඔහුට කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති අතර පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

ඉන්පසු ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්විය. ජනතාවට සේවය කිරීම යන අරුතින් එම පක්ෂය ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ යනුවෙන් නම් කර ඇත.

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

යුක්රේන අගමැතිට අවස්ථාවක් දෙන්න ජනපති සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site