යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලය. රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව ද වාර්තා වේ. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේනයේ ළමා රෝහලට රුසියාව පහර දෙයි
Pradeep Kumara Tuesday, 09 July 2024 09:28 AM
ලෝකයේ මා වඩාත් කැමති රටක් වේ නම් ඒ රුසියාවයි. නමුත් ඒ දැන් තිබෙන රුසියාව නොවේ. පාවෙල්, අන්ද්‍රේ, ද්වීදව්, ලුද්මිලා සහ නීලවුනා සිටි රුසියාවයි. කෙසේ වුවත් මෙලෙස සිවිල් ජනතාව ඉලක්ක කර සිදු කරනා පහරදීම් නින්දිතයි.
anaTuesday, 09 July 2024 02:17 PM
පාවෙල් රුසියානුවෙක් අන්ද්‍රෙයි යුක්රේන (හොහොල්) ජාතිකයෙක්. නීලව්නා අම්මා දෙදෙනාටම මවක් උනා.
lilan Tuesday, 09 July 2024 11:26 AM
ඔය මෝදි එහේට ගියාට බටහිරින් දුන්නු තෑග්ගක්. දන්නෝ දනිති.