IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුක්රේනයේ ලැව් ගිනි වලින් සිව් දෙනෙක් මරුට

යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කලාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන්  4 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.

යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කලාපයේ නිවාස 22 කට පමණ තර්ජන එල්ලවී ඇති බවයි.

හෙක්ටයාර 18,000 ක පමණ භූමි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර 120 දෙනකු පමණ ප්‍රදේශයෙන් ඉවත්කර සුරක්ෂිත ස්ථානවල රඳවා ඇත.

ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ ස්ථාන 146කින් ගිනිගැනීම් වාර්තා වූ බවයි. එයින් ගිනිගැනීම් 82ක් මේ වනවිට නිවා දමා ඇති බවද ඔවුහු පවසති.

මෙම ගිනිගැනීම් වාර්තා වන්නේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශ ආසන්නයේ වන අතර බෙදුම්වාදීන් විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බවද යුක්රේන බලධාරීහු පවසති.

ගිනිගැනීම් ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණයක් සිදුකරන ලෙස යුක්රේන ජනාධිපති කාර්යාලය ආයතන වලින් ඉල්ලා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

යුක්රේනයේ ලැව් ගිනි වලින් සිව් දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site