IMG-LOGO

යුක්රේනය අගුලු දැමීමට එරෙහිව ජනතා විරෝධතා


යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම් වල සංවිධායකත්වයෙන් කියෙව් නිදහස් චතුරස්‍රයේ පැවති මෙම විරෝධතාව සඳහා දහස්ගනන් පිරිස් එක්රැස්වී සිටියහ.

විරෝධතාකරුවන් කූඩාරම් ගැසීමට උත්සාහ කිරීමෙන් පසුව කැරලි මර්දන පොලිසිය සහ පෙලපාලිකරුවන් අතර ගැටුම් ආරම්භ විය.
"එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට පහර වැදී ඇති අතර ඔහුට සිහි නැති විය. තවත් නිලධාරීන් 40 දෙනකුගේ පමණ රසායනික ද්‍රව්‍ය වැදීමෙන් ඇස් පිළිස්සි තිබේ." යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා යුක්රේන ජනාධිපති ව්ලද්මීර් සෙලෙන්ස්කි මහතාගේ රජය විසින් එළඹෙන ජනවාරි මාසයේ සිට දැඩි අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කර තිබේ. පාසැල්, විනෝදාස්වාද මධ්‍යස්ථාන, ආපනශාලා වසා දැමීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළු නව අගුලු දැමීමේ පියවර ජනවාරි 08 වනදා සිට 24 වනදා දක්වා බලාත්මක වන බව රජය නිවේදනය කර ඇත.

යුක්රේනයේ මේ වනවිට 900,000කට අධික පිරිසකට කොරෝනා වැළඳී ඇති අතර 15,480ක් පමණ මියගොස් තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

යුක්රේනය අගුලු දැමීමට එරෙහිව ජනතා විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 99 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 260 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site