IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මී මැස්සෝ පිළිකා සොයති

මී මැස්සන් යොදාගෙන පිළිකා‍ රෝගීන් හදුනාගැනීමට හැකි බව පෘතුගීසි ජාතික නිපැයුම් කරුවෙක් වන සුසානා සෝරස් මහත්මිය කියයි. ඇය පවසන්නේ කුටිර දෙකකින් සමන්විත තම නිර්මාණයේ ඇති එක් වීදුරු කුටීරයකට පුහුණු කරන ලද මී මැස්සන් ඇතුළුකරන බවයි. ඉන් පසු එම කුටීරයට පුද්ගලයකුගේ මුඛයෙන් වාතය (ප්‍රාශ්වාස වාතය) ඇතුළුකරවන බවයි.

සෝරස් මහත්මිය පවසන්නේ ප්‍රාශ්වාසය වාතය ඇතුළු කළ විට මී මැස්සන් අනෙක් කුටීරයට ගමන් කරනවානම් අදාල පුද්ගලයාට පිළිකාවක් පවතින බවයි.

ඇය වැඩිදුරටත් මෙසේ පවසන්නීය.

'' මේ මී මැස්සන්ට පුරුදු කරන්න විනාඩි දහයක්වත් ගතවන්නේ නැහැ. මුර බල්ලන්ට වඩා වැඩි ගන්ධ සංවේදීතාවක් මී මැස්සන්ට තිබෙනවා. තව ද මී මැස්සන් හොදින් පුහුණු කළහොත් බෝම්බ සොයන්න පවා යොදා ගත හැකියි. "

ඇය පවසන්නේ සීනි සහිත ද්‍රාවණයක් මී මැස්සන්ට ලබා දීමට පෙර ඔවුන්ට පුහුණු කිරීමට අවශ්‍ය ගන්ධය ආශ්වාස කිරීමට සැලැස්විය යුතු බවයි. ඉන් පසු සීනි ද්‍රාවණය ලබාදුන් විට මී මැස්සා තමන්ට කලින් ලබාදුන් ගන්ධය ජීවිත කාලයම මතකයේ තබා ගන්නා බව ද පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන ඇත. මේ ආකාරයට ගන්ධයන් මතකයේ තබාගන්නා මී මැස්සන් යොදා ගනිමින් පිළිකා, ක්ෂය රෝගය ආදී රෝග හ
දුනාගැනීම සාර්ථකවී ඇතැයි සෝරස් මහත්මිය පවසන්නීය.



අදහස් (0)

මී මැස්සෝ පිළිකා සොයති

උදයකාන්ත ඇෆ්ඝනිස්ටන් Saturday, 30 November 2013 02:13 PM

අපේ රටේ මි මැස්සෝ පුරුදු කරමුකෝ පිලික සොයන්න. ලෙඩේ ඇඟේ තියන් නොදන්නා අය කොච්චර ඇතිද? (අ)

:       0       0

දුමින්ද Saturday, 30 November 2013 03:04 PM

මෙතුමිය සමග නොයෙක් කරුණු කාරනා නිසා එකග වීමට නොහැකී? පිළිකා සම්බන්ද මගේ නිබන්දන ලින්ක් එක පල කිරීමට ලංකා දීපන් සහ පාටක ඔබෙන් අවසර ලබෙවිනම් පලකන්නම්. (අ)

:       0       0

දනේ Tuesday, 03 December 2013 08:36 AM

මී මැස්සෝ ඔබයි මමයි ඔබයි මමයි...මී මැස්සියෝ ලඳුන් තමයි... (නදී)

:       0       0

සත්‍යපාල Saturday, 30 November 2013 05:28 PM

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න.... මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න (නි)

:       0       0

රිස්වි Monday, 02 December 2013 11:04 AM

මී මැස්සාගේ එක තටුවක ප්‍රණීත මි පැණි ද, අනෙක් තටුවේ අධික විෂ ද අන්තර්ගතය. (ස)

:       0       0

දොන්සේතං Saturday, 30 November 2013 07:12 PM

අපේ දූපතේත් මැස්සන් හරියට ඉන්නවා. හැබැයි උන් පුරුදු වෙලා ඉන්නේ රා බොන්නයි මත්පැන් බොන්නයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 December 2013 02:57 PM

අප අවට පරිසරයෙන් තව කොයි වගේ දේවල් හොයා ගන්න පුළුවන්කම ඇතිද නේද ? (නදී)

:       0       0

චන්දි Saturday, 30 November 2013 09:06 PM

දොන්සේතන් ගේ මැස්සෝ ඉන්නේ මොන දුපතේද....?(අ)

:       0       0

දොන්සේතං Sunday, 01 December 2013 12:18 AM

රුං.. රුං.. රුං.. රුං.. මී මැස්සෝ... පෙම් මල් රොන් බොන මී මැස්සෝ... (නි)

:       0       0

සිරිබිරිස් Sunday, 01 December 2013 02:10 AM

දුපතද? ආ... ඉන්දියන් සාගරයේ දුපත වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 54 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site