'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි හදිසි භාවිතය සඳහා ඇමෙරිකාවේ 'මොඩර්නා' සමාගම නිපදවා ඇති 'මොඩර්නා' ප්‍රතිශක්තිකරණ එන්නත සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.
ඒ අනුව, කොරෝනා වයිරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ පස්වැනි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කරනු ලැබුවේ, 'ෆයිසර්', 'එස්.කේ. බයෝ ඇස්ට්‍රාසෙනකා', ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' සහ 'ජැන්සන් සමාගමේ' 'ජොන්සන් ඇන්ජ් ජොන්සන්' එන්නතටය.
චීනයේ නිෂ්පාදිත 'සිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක් වී ඇති අතර, ඉදිරි දින නීපය ඇතුළතට එම එන්නත්වලට අනුමැතිය හිමිවනු ඇතැයි ද පැවැසෙයි.
රොයිටර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd