IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි

ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි.

ඖෂධ ගැනීම හා ව්‍යායාම කිරීම හැරෙන්නට වෙන කිසිවකට ඉඩක් ඔහුට නැත.බුද්ධි මට්ටම නොවෙනස්ව පවත්වාගැනීමට අවශ්‍ය හෙයින් තමන් තම දෛනික කි‍්‍රයාකාරකම් එසේ සකස් කරගෙන සිටින බව ඔහු කියයි.

ඔහුට දිනකට විවිධාකාරයේ ඖෂධ කරල් 38 ක් අවැසිය.ඒවා මොළයේ ඇති ‘‘වැඩකට නැති‘‘ ප්‍රෝටීන විනාශ කරන බවට ඔහු විශ්වාස කරයි.රුධිර පීඩනයට,කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, ආදී වෙනත් ඖෂධ ගණනාවක්ද ඔහුගේ ලැයිස්තුවේ අන්තර්ගතය.

ෆිල් රොස්නර් බුද්ධිමතෙකු ලෙස සැළකුනෙකු නොවේ.ඔහු මුලින්ම සේවය කර ඇත්තේ රාතී‍්‍ර සමාජශාලා වල ‘‘බවුන්සර්‘‘ කෙනෙකු හැටියටය.තවත් අවස්ථාවක ඔහු නිරුවත් මෝස්තර නිරූපකයෙක් ලෙසද රැකියාවේ නිරතව තිබේ.

ඉරණමේ ලියැවී තිබූ පරිද්දෙන්දෝ ඔහු ලොව විශාලතම බුද්ධි ඵල අගය හිමි තැනැන්තා බවට පත්වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයකින් සමත්වීමෙනි.එතැන් පටන් ප‍්‍රසිද්ධිය ඔහුව සොයා එන්නට ගත්තේය.

නමුත් එයින් නිසි ප‍්‍රයෝජනයක් අත්කරගැනීමට තමන්ට නොහැකිවූ බව ෆිල් පිළිගනී.රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වුවද,සම්මාන ලැබුණද ඒ කිසිවක් තමාගේ ජීවන මට්ටම ඉහළ දමා ගැනීමට යොදාගත නොහැකිවූ බව ඔහු කියයි.

අද දිනයේ ඔහු වෙහෙස වෙමින් සිටින්නේ නැවත වරක් තම වාසනාව උරගා බැලීමටය.ඔහුට ලොව වැඩිම බුද්ධි ඵල අගය හිමි තැනැත්තාට හිමි කිරුළ තවදුරටත් ඔහුගේ නොවේ.ඔහු දෙවැනි තැනට තල්ලූවී ඇත.

‘‘මිනිස්සු හිතනවා හොඳ බුද්ධියක් තියෙනවා කියන්නේ ඒ මිනිහා හොඳට හිතලා බලලා තිරණ ගන්නවා කියලා.නමුත් ඒක වැරදියි.බුද්ධියක් තිබුණාද නැතද කියලා නැහැ.අපි හැමෝම මෝඩ වැඩ කරනවා.මම ඒකට හොඳම උදාහරණයක්‘‘ ඔහු කියයි.

23AFA81D00000578-0-image-4_1417578210002

 



අදහස් (0)

මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි

රූපවතී Thursday, 04 December 2014 06:59 AM

මේ මනුස්සයාගේ මුහුණේ තරුණ බව හා මහලු බව සම්මිශ්‍රණය වූ බවක් මා දුටුවෙමි ..!(නදී)

:       0       0

ලිහිණි Tuesday, 09 December 2014 06:44 PM

මෙන්න අපේ රට්‍ෙ දේශපාලකයන්ටත් අවස්ථාවක්. මේ පුද්ගලයා හමුවෙලා උපදෙස් ගන්න අපේ දේශපාලකයෙක් ගියේ නැත්නම් පුදුමයක් (නි)

:       0       0

සුරංග Friday, 05 December 2014 10:25 AM

මේ අයට තමයි පිස්සෝ කියන්නේ.(හේ)

:       0       0

සහනි Monday, 08 December 2014 01:34 AM

අම්මෝ! මට නම් මෙහෙම ජීවත්වෙලා වැඩක් නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 04 December 2014 09:14 AM

අද අපි ගමන් කරන්නේ බලශක්ති හරහා දියුනුවක් එය තුලින් වෙන්නේ විනාශය ලඟා කරගැනීමක් පමණයි !!(හේ)

:       0       0

දුම්මලසූරිය Sunday, 07 December 2014 04:14 AM

අනේ මන්ද .....මම හිතන විදියටනම් ස්වභාව ධර්මයට විරුද්ධව බෙහෙත් වලින් ජීවත් වෙන්න හිතීමත් ලොකු මෝඩ කමක්.....(බ)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 09:51 AM

මේ කෙනා දෙවෙනි වෙලා තියෙන්නේ බන්දුලට විතරයි. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 08 December 2014 06:35 AM

පිස්සෙක්.(හේ)

:       0       0

ජයත් Thursday, 04 December 2014 10:12 AM

හෙට අනිද්දම මෙය බෙහෙත් බිලාම වෙනම ලෙඩක් හැදෙයි වගේ.(හේ)

:       0       0

උදාර Thursday, 04 December 2014 10:18 AM

ඇත්තටම මෙයාට තියෙන්නේ බුද්ධි ඵලයක්ද.? (ර)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 06:34 AM

මයිත්‍රී මහත්තයත් මේකෙන් දෙක තුනක්වත් අරගෙන තිබුනානම් මෙහෙම අමාරුවක වැටෙන්නේ නැහැ හැට හතර මායමට අහුවෙලා..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site