IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මොළය වඩන කහ

කහ ඇතුළු කුළුබඩු වර්ග ආහාරයට එක්කැර ගැනීමෙන් විශාධය වැනි රෝගවලින් වැළකී සිටිය හැකියැයි පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත.

කහ මොළයේ ස්නායු අළුත්වැඩියා කරමින් එය වඩාත් ප්‍රාණවත් කරන බව ඔවුන් තහවුරු කැර ඇත.

මේ පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ කහවල ඇති විශේෂ සංයෝගයක් මගින් මොලයේ ඉදිරි කොටසේ සෛල වර්ධනය කරණ හෙයින් එමගින් නියුරෝන් සංවර්ධණය වන බවයි.

මොලයේ සෛල හානි විමෙන් සෑදෙන ඇල්ෂයිමර් සහ ආඝාතය වැනි රෝග සඳහා ප්‍රතිකාර සංවර්ධන කිරීමට මේ සොයා ගැනීම උපකාරිවන බව ද පැවසේ.

විද්‍යාඥයින් පවසන්නේ සුගන්ධයෙන් යුත් වියළි කහ මගින් මෙම ඉලක්කය කරා ලඟා වීමට එක් පියවරයක් ඉදිරියට තැබිය හැකිවන බවයි.



අදහස් (0)

මොළය වඩන කහ

අපොන්සු Sunday, 28 September 2014 04:20 AM

මේ පර්යේෂණය කරලා තියෙන්නේ කවුද? (දී)

:       0       0

රෝයි Sunday, 28 September 2014 05:22 AM

මෙම පර්යේෂණය එංගලන්තය් කරලා තියන්නේ මෙයට මුලික වෙලා තියන්නේ ඉන්දියන් කාන්තාවක්. මෙය පිලිබදව බි බි සි නාලිකා ඕසේ වැඩසටනක් 27/09/2014 වෙනිදා විකාශනය කරා. (දී)

:       0       0

විද්‍යාපති Monday, 29 September 2014 04:41 AM

වෙළදපොළේ පැකට් කර විකණිමට ඇති කහ වර්ග පරිභෝජනය දැන්වත් වහාම නතර කර වස විස කහ කුඩු සමග ශරීරගත වන නිසා අමු කහ හෝ වියළි කහ පරිභෝජනය කිරිම වඩාත් යෝග්‍ය වනු ඇතැයි මගේ විශ්වාසයයි. (දී)

:       0       1

ශාන සෞදි Sunday, 28 September 2014 03:36 PM

කොහොමහරි මේකෙන් වැන්ජනයක් හදලා පාර්ලිමේතු බෝජනගරයට දාගන්න හැකි උනොත් අපේ රටට සුබ අනාගතයක් උදා වීවී (දී)

:       0       0

අසාද් Monday, 29 September 2014 01:56 PM

මේක නම් ආශ්චර්යජනකයි (නි)

:       0       0

ගාමිණී- සිරිවර්දන Saturday, 27 September 2014 04:17 PM

නුතන විදුවරයින්ට වඩා අපේ පැරණි මුතුන් මිත්තෝ කහවල ඇති ඖෂධිය ගුණය දැනගෙන හිට්යා.කහගොල්ල, කහවත්ත,කහගල්ල,කහවන්දල,ආදී ගම් වලට නම් පට බැදී තියෙන්නේ කහ වගා කල ගම්මාන වශයෙන් !මොලය කෙසේ වෙතත් විෂ නාශකයක් වශයෙන් නිවෙස්වල,කඩවල ,දේවාල ඉදිරිපිට කහ වතුර අදටත් ඉසින්නේ ඒ නිසයි ! (දී)

:       0       0

අසංක Sunday, 28 September 2014 10:22 AM

අපේ මුතුන් මිත්තෝ මොන තරම් දැනුවත්ද (දී)

:       0       0

වින්සන්ට් Monday, 29 September 2014 06:17 PM

"ශාන" ගේ අදහස නම් නියමයි.මසුරන් දාලත් මදි කියන්නේ මේ වගේ කතාවලටය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site