IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මොළෙත් පරිගණකෙට

තම මොළය පරිගණකයක තැන්පත් කිරීමට ඇමරිකා ජාතික පර්යේෂකයෙක් සැරසේ.

රැන්ඩල් කෝනේ නම් ඔහු පවසන්නේ මිනිස් මොළයේ සියලූ කි‍්‍රයාකාරකම් තීරණය කෙරෙන ස්නායු ආවේගය එනම් ස්නායු පණිවුඩ හුවමාරුවේදී සිදුකරන විද්‍යුත් වෙනස්වීම” යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කළ හැකිනම් මිනිස් මොළය හිස්කබලක පමණක් නොව සිතෙන  ඕනෑම තැනක ඇතිකළ හැකි බවයි.

මේ සදහා බාධක රැසක් තිබෙන බවද ඔහු පිළිගනී.විශේෂයෙන් මොළයේ සිදුවන ස්නායු ආවේග කුමන ගණයට අයත්ද,ඒවායින් පාලනය කෙරෙන්නේ මොන අවයවයන්ද,ඒවායින් පණිවුඩ යැවෙන්නේ මොන අවයවයන්ටද,මොළයේ ඇති විවිධ ප‍්‍රදේශ හා ආවේග හුවමාරු වන්නේ කෙසේද ආදී ලෙස එවා එක එකක් වෙන්කර ගැනීමත් පසුව ඒවා යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කිරීමත් පහසු කටයුත්තක් නොවේ.

නමුත් එය ප‍්‍රායෝගික විසඳුමක් බව ඔහුගේ අදහසයි.විශේෂයෙන් පරිගණක තාක්ෂණය දියුණු මෙවැනි යුගයක ඔය කියන ස්නායු ආවේග වර්ග කේත ගතකිරීමත් එම කේත ඇසුරින් මොළය පරිගණයක පිහිටුවීමත් අපහසු දෙයක් නොවන බව ඔහු කියයි.තමන් මොළයේ කි‍්‍රයාකාරීත්වය යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කරනවා කීමෙන් අදහස් කරන්නේ මෙවැනි දෙයක් බව ඔහු පැහැදිලි කරයි.

මේ සඳහා වන කටයුතු ඔහු දැනටමත් ආරම්භ කර තිබෙන අතර ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් රැසකගේද සහය ලබාගෙන ඇත.

කෙසේනමුත් බහුතර විද්වතුන් මත පළ කරන්නේ මොළයේ කි‍්‍රයාකාරීත්වය පරිගණක කේත ඇසුරින් කෘතිම ලෙස නිර්මාණය කළ පමණින් එය සැබෑ මොළයක් ලෙස කි‍්‍රයාත්මක වනු ඇතැයි සිතිය නොහැකි බවයි.මෙවැනි තලයකට එන්නටනම් මුලින්ම විසඳාගත යුතු අභිරහස් බොහෝමයක් ඇති බව ඔවුන්ගේ අදහසයි.

 

22D8277900000578-0-image-m-12_1418938738257

 

 

 



අදහස් (0)

මොළෙත් පරිගණකෙට

තරිඳු Wednesday, 24 December 2014 07:52 AM

ඕවා බොරු (බ)

:       0       0

සුසන්ත Monday, 22 December 2014 09:45 AM

ඉස්සරහට තව තව මොනා එයිද දන්නේ නෑත(හේ)

:       0       0

තරිඳු Tuesday, 23 December 2014 02:26 AM

ඇයි සුසන්ත ඉස්සරහට අඩුපාඩු තියෙනවද? තව මොනවා ආවත් ඔච්චර තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site