කලකට පෙර හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් හැඳින්වූ එක්සත් රාජධානිය දැන් සමන්විත වන්නේ එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන කොටස් වලිනි. මෙම කොටස් ශතවර්ෂ ගණනාවක් එකට බැඳී තිබුණ ද වෙන්ව යෑමේ ප‍්‍රවණතාවක් ද දක්නට ලැබිණ. මෙම ප‍්‍රවණතාව වඩාත්ම කැපී පෙනෙන්නේ ස්කොට්ලන්තයේ ය. එම ප‍්‍රදේශය ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යන අදහස වසර තුන්සියයකට අධික කාලයක් තිස්සේ තිබුණ ද එය ප‍්‍රබල මහජන මතයක් වූයේ නැත. එහෙත් 2014 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනමත විමසුමකින් ස්කොට්ලන්තය තවදුරටත් මහා බි‍්‍රතාන්‍යයේ කොටසක්ව පවතින්නේ ද යන්න තීරණය වනු ඇත. එම ජනමත විමසුමෙන් ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යන අදහස ජයගත හොත් 2016 මැයි මාසයේදී ස්කොට් පාර්ලිමේන්තුව සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතුය. එසේ වුවහොත් මහා බි‍්‍රතාන්‍යය තවදුරටත් මහා බි‍්‍රතාන්‍යයක් හෝ එක්සත් රාජධානියක් නොවේ. ස්කොට්ලන්තයේ පවතින සුවිශේෂ දේශපාලන තත්ත්වය නිසා පාලන බල තල විමධ්‍යගත කිරීමක් 1997දී සිදු විය. ඒ අනුව එඩින්බර්ග් නගරය පදනම් වූ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන ලද අතර ඊට අධ්‍යාපනය, සෞඛ්‍යය හා අධිකරණය පිළිබඳ බලතල රැසක් පැවරිණි. ඊට අමතරව ආදායම් බදු සම්බන්ධයෙන් ද සුළු සුළු වෙනස්කම් කිරීමේ බලතල එඩින්බර්ග් පාර්ලිමේන්තුවට ලබාදී තිබිණ. ආරක්ෂාව, බල ශක්තිය හා විදේශ කටයුතු පිළිබඳ සියලූ අධිකාරිය හිමි වූයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවටයි. මෙවැනිම බලතල උතුරු අයර්ලන්තයට හා වේල්සයටද ලබා දුන්නේය. ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ ඉන් සෑහීමකට පත් නොවූ නිසාය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් නොවිය යුතු යැයි අවධාරණය කරන බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මහතා ඉදිරිපත් කරන තර්ක ක‍්‍රමයයි. ඔහු පවසන ආකාරයට මෙහිදී ඉදිරිපත් ව ඇත්තේ ප‍්‍රතිපත්ති හෝ උපාය මාර්ග හෝ ගණනය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය මනස, හදවත හා ආත්මය පිළිබඳ කරුණකි. යම් හෙයකින් ස්කොට්ලන්තය වෙන්ව ගිය හොත් මහා බි‍්‍රතාන්‍යයට එක්සත් ජාතින්ගේ සංවිධානය තුළත් යුරෝපා සංගමය තුළත් ඇති සුවිශේෂී බලය අහිමි වනු ඇත. එම නිසා එවැනි පියවරක් ගැනීමෙන් වැළැක්වීමට ඔහු සියලූ උත්සාහ ගන්නා බවට පොරොන්දු වූයේය. ස්කොට්ලන්ත නායක අලෙක් සැමන්ඞ් ගේ මතය අනුව ස්වාධීනත්වය ලබා ගැනීමෙන් ස්කොට්ලන්තයට වඩාත් සමෘද්ධිමත් රටක් බවට පත් විය හැකිය. එහි ජන සංඛ්‍යාව දශ ලක්ෂ පහක් පමණ වුවද සම්පත් ප‍්‍රමාණය ඉමහත්ය. යුරෝපයේ මුහුදු රළවලින් නිපදවිය හැකි බලශක්ති ප‍්‍රමාණයෙන් සියයට 25ක්ද, සුළං බලශක්ති ප‍්‍රමාණයෙන් සියයට 25ක්ද ස්කොට්ලන්තය සතුය. එම නිසා ස්කොට්ලන්තයට බලශක්ති ජනනය අතින් යුරෝපයේ ප‍්‍රමුඛතම රට බවට ද පත් වීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම ගණන් බැලීම්වල ශක්‍යතාව කුමක් වුවද වඩාත් වැදගත් වන්නේ භූගෝලීය හා වාර්ගික අනන්‍යතාව අනුව වෙන්ව යෑමට ඇති ප‍්‍රවනතාවය හා ප‍්‍රබල රටක් වෙන්ව යෑමට දක්වන විරෝධයයි. ස්කොට්ලන්තයේ වෙන්ව යෑමට ඇති ප‍්‍රවණතාව මෙතෙක් වාර්ගික ගැටුමක් හෝ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වී නොමැත. නුදුරු අනාගතයේ හෝ එවැනි තත්ත්වයක් වර්ධනය වන්නේ යැයි සිතිය නොහැකිය. එසේ වුවත් මෙවැනි රටවල දේශපාලන නායකයින් මෙම මිණුම් දඬු තුන්වන ලෝකයේ වාර්ගික හෝ වෙනත් පදනමක් යටතේ වෙන්ව යෑමේ ප‍්‍රවණතාවක් පවතින රටවල් සම්බන්ධයෙන් ද යොදා ගන්නේ නම් එය ආදර්ශයක් වනු ඇත.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහා බි‍්‍රතාන්‍යයත් කැබලි වෙයි?