IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මහලු ලේකම්වරියන් පමණයි

ලේකම්වරියන් සේවයෙන් පහ කොට ඒ වෙනුවට ලේකම්වරුන් සේවයට බදවා ගන්නැයි ඉන්දුනීසියාවේ ආණ්ඩුකාරවරයෙක් තමන් යටතේ ඇති ආයතනයන්හි සේවය කරන නිළධාරීන්ට නියෝග කර ඇත.

රජයේ නිළධාරීන් තම තරුණ පෞද්ගලික ලේකම්වරියන් සමග නටන නාඩගම් ගැන වැඩි වැඩියෙන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බව ඉන්දුනීසියාවේ ගොරොන්ටාලෝ ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.මෙම නිළධාරීන් සිය බිරින්දෑවරුන් අමතක කර පෞද්ගලික ලේකම්වරියන්ට මිල අධික ඇදුම් පැළදුම්,කෑම බීම,සුවද විලවුන් ආදී මෙකී නොකී සියලූ දේ මිලදී ගෙන දීමට පුරුදුව සිටින බවත් ඔවුන්ගේ මේ කි‍්‍රයාකලාපයන් නිසාවෙන් විදවන්නේත් ගැරහුම් ලබන්නේත් ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දරුවන් බවත් ඔහු කියයි.

මෙම හේතුව නිසාවෙන් තමන් මේ නියෝගය නිකුත් කළ බව ආණ්ඩුකාරවරයා පවසයි.අවශ්‍යම නම් ලේකම්වරියක් බදවා ගත හැකි වුවත් ඇය මහලූ වයසේ පසුවිය යුතුයැයි නිළධාරීන් දැනුම්වත් කර ඇත.

නියෝගය පැහැර හරින නිළධාරීන්ට දඩුවම් කිරීමට අදහසක් නැතත් ආචාර ධර්මයන්ගේ නාමයෙන් තම නිළධාරීන් නියෝග ප‍්‍රකාරව කටයුතු කරනු ඇතැයි ආණ්ඩුකාරවරයා විශ්වාසයෙන් සිටී.

ගොරොන්ටොලෝ ආණ්ඩුකාරවරයා රජයේ නිළධාරීන්ගේ පවුල් සළකා මෙවන් නියෝගයක් නිකුත් කළ ප‍්‍රථම අවස්ථාවද මෙය නොවේ.මිීට පෙර අවස්ථාවකදී ප‍්‍රාන්තයේ සේවය කළ රජයේ සේවකයන් 3200 දෙනෙකුගේ මාසික පඩිය ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් කරා යොමුකළ යුතුයැයි නියෝග කෙරුණු අතර එහි අරමුණ වූයේද රජයේ සේවකයන් හට අනියම් සබදතා ආරම්භ කර ගැනීමට හා පවත්වාගෙන යාමට ඇති ඉඩ අවුරා දැමීමයි.

 

 



අදහස් (0)

මහලු ලේකම්වරියන් පමණයි

සාරද Tuesday, 16 July 2013 07:48 AM

අතීසාරයට බෙහෙත් කිරීම වගේද (අ)

:       0       0

ඩී.උපුල් Monday, 15 July 2013 02:40 PM

පෞද්ගලික ලේකම්වරියගේ රාජකාරිය තමයි බොස්ගේ හැම පුද්ගලික දේකටම සහය වෙන එක. ඒ නිසානේ ඇයට ඒ නම යොදලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් Tuesday, 16 July 2013 08:14 AM

අාණ්ඩුකාරයාටමක් වෙලාද? (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 July 2013 06:58 PM

ඉන්දුනීසියාවේ නම් කොයි කෙනාත් එකයි. (නි)

:       0       0

විමල් Monday, 15 July 2013 03:19 PM

වයස ප්‍රශ්නයක් නැහැ, පළපුරුද්ද විතරයි ඕනෑ (නි)

:       0       0

ජයා Tuesday, 16 July 2013 09:43 AM

ලංකාවටත් ඔබින හොඳ වැඩක්. (නි)

:       0       0

සෑම් Monday, 15 July 2013 07:57 PM

මෙන්න ජනතාවට ආදරේ ඇති පාලකයෝ. මේවගේ මිනිස්සු අදහන්ද ඕණ. අපේ රටේ නං ලොක්කෝ කියඊ අනේ උබත් කන ගමන් මටත් එකක හොරෙන් ගෙනල්ල දීපන් කියල. (අ)

:       0       0

ටෙෂාන් Monday, 15 July 2013 11:58 AM

මේක අපේ රටෙත් දැම්මොත් හොඳයි. මොකද මේ වගේ හේතු නිසා සමහරවිට පවුල් දෙකම විනාශ වෙනවා. (නි)

:       0       0

දර්ශන් Monday, 15 July 2013 12:03 PM

අපේ රටටත් ඔබිනවා. (නි)

:       0       0

මිනිපෙ Monday, 15 July 2013 09:55 PM

මේක හරිම මෝඩ නීතියක්. මෙය මානව අයතිවාසිකම් උල්ලන්ඝනය කිරීමක්. රැකියාවක් ලබාදීමේදී ආගම, ජාතිය හෝ ලිංගබේදය උල්ලන්ඝනය කිරීමක්.(නදී)

:       0       0

වරුණ Monday, 15 July 2013 04:24 PM

නැනේ ඇලෙක්ස් මේකනේ මේකේ මම දාපු අදහස විකෘර්ති කරලා දාල තියෙන්නේ? ඉතින් මම මක්කා කොරන්නද?(නදී)

:       0       0

වරුණ Monday, 15 July 2013 12:37 PM

අපේ රටෙත් ඔය නීතිය ගෙනාවා නම් හරි. (නි)

:       0       0

නුවන් Monday, 15 July 2013 12:56 PM

අපේ රටෙත් ඔය නීතිය ගෙනාවා නම් හරි. (නි)

:       0       0

කමල් Monday, 15 July 2013 04:30 PM

ඉහල නිලධාරීනියන්ටත් මේ නියෝගය දෙන්න, එවිට වැඩ අහිමි වූ සේවිකාවන්ට සහ තවත් අයට සෙතක් වේවි නේද? (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 15 July 2013 01:03 PM

වරුණ, පොඩි රස්සාවල් කරන ඕගොල්ලෝ වගේ කට්ටිය කොහොමද මේ වගේ දේවල් තීරණය කරන්? (නි)

:       0       0

රොෂාන් Monday, 15 July 2013 02:00 PM

අදාල නැති දේකට ඇඟිලි ගැසීමක්. පව් අර වැඩකරපු මිනිස්සු. අනික හැමෝම ඕක කාරා වෙන්නත් බෑ .(නදී)

:       0       0

ජිමී Tuesday, 16 July 2013 05:42 AM

මේක අපේ රටට එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද සමහර නිලදාරීන් හෙන ටාසන් ලා. වැල් වලමයි එල්ලෙන්නේ. ඇන්ටිලාව පේන්න බැහැ. (නි)

:       0       0

කිරිහාමි Monday, 15 July 2013 02:05 PM

අපේ රටේ මහලු උනත් ෂුවර් නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site