ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අඩි හයක් යට මුහුදු පත්ලේ තිබී මැටි බඳුන් පිළිස්සූ පෝරණුවක් හා මැටි භාජන රැසක් සොයාගත හැකි වූ බවයි. එහි තිබී පිළිස්සූ මැටිවලින් තැනූ වළං 16ක් ද සොයාගත හැකිවී ඇත.
කළකට ඉහත හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ ස්ථානය පිළිබඳ සොයා බැලූ විද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ එතැන වරායකට අවශ්‍ය උපකරණ තිබූ බවයි. එස් වුව ද එතැනින් හමුවූ ද්‍රව්‍ය ගැන කරන ලද පර්යේෂණයට අනව තහවුරු වී ඇත්තේ එය වරායක කොටසක් නොව පැරණි ජනාවාසයක් බවයි.
පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ව තිබෙන්නට ඇති බවයි. එතැන කර්මාන්තයකට අදාල අනිකුත් ගොඩනැගිලි පිහිටි ස්ථානයක් බව ද තහවුරු කරගෙන ඇත. කඩා වැටුණු කණු පේලි හා බිත්ති සැකිළි කොටස් මුහුදෙන් හමුවී ඇත.
ඔවුන් පවස්න්නේ මෙය පැරණි රෝම ජනාවාසයක් බවයි. කර්මාන්ත ශාලවක් ලෙස සැළකෙන කොටස් ඉදිරිපසින් ගල් සහිත තාප්පයක අවශේෂ ද හමුවී ඇත. කෙසේ වෙතත් මුහුදු ජලයේ බලය අඩු කිරීමට යෙදූ සත්‍ය ජලකඩනයක් ද මේ ජනාවාසයේ ආරක්ෂාවට යොදා තිබූ බව තහවුරු වී ඇත.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදේ සැඟවුණු මැටි කම්හල
ඩෙන්සිල් Saturday, 29 November 2014 04:55 AM
ඇතිදේ නැතිවේ.. නැතිදේ ඇතිවේ.. ඉතිරිවන්නේ මතකය පමණයි..(අ)
ජගත් Saturday, 29 November 2014 05:29 PM
කවුද මේකට වගකියන්න ඕනේ. (ස)
ලක්සිරි Saturday, 29 November 2014 02:49 AM
ඉතා හොඳ සටහනක්. (ස)
ඩෙන්සිල් Saturday, 29 November 2014 03:00 AM
මෙය ස්වභාවයේ හැසිරීම අවබෝධ කර ගැනීමට හොඳ අවස්ථාවක්.(නදී)