එලැඹෙන මහ මැතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය 97 හැවිරිදි මහතීර් මොහොමඩ් පවසයි. ලොව ප්‍රවීණතම දේශපාලඥයෙකු ලෙස මහතීර් මොහොමඩ් සැලකෙයි.
වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් 2003 වසරේ දී සේශපාලනයට සමුදෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. කෙසේ නමුත් 2018 දී, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 92 ක් විය. පසුව මත ගැටුම් හේතුවෙන් ඔහුගේ සන්ධාන රජය බිඳ වැටුණි.
හෘදයාබාධයක් හේතුවෙන් මෙම 2022 වසර ආරම්භයේ දී මහතීර් මොහොමඩ් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා විය.
මහතීර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට සූදානමින් සිටින බවය. මහතීර් මොහොමඩ් නියෝජනය කරන්නේ එක්සත් මැලේසියානු ජාතික සන්ධානයයි.
කෙසේ නමුත්, තමන් තෙවැනි වරටත් අගමැති පදවිය භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ් කිසිවක් පවසා නැත.
මැලේසියානු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 2023 සැප්තැම්බරයේය. කෙසේ නමුත් එය අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට මග පෑදුණි. ඒ අනුව, ලබන 22 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙනු ඇත.
මැලේසියාව ද ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙයි. ඒ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි. ඊට අමතරව, මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදයට පත් වී සිටී.
මහ මැතිවරණයට ඉදිරිපත් වී, ජනතා ප්‍රසාදය දිනා ගනිමින්, ජනතා හිතවාදී, ජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ නව රජයක් පිහිටුවීමට තම අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහතීර් මොහොමඩ් යළි දේශපාලනයට