IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මුහුණ සමග තරහට නහය කපා ගැනීම

අන්තර්ජාලය භාවිතයට දැඩිසේ ඇබ්බැහිව සිටි සිසුවෙකු ඉන් අත්මිදෙනු වස් වම් අත කපා වෙන්කරගෙන ඇති පුවතක් චීනයෙන් වාර්තා වේ.

පොලිසිය පවසන ආකාරයට දෙමව්පියන්ට රහසේ නිවසෙන් පැනගොස් ඇති හෙතෙම උද්‍යානයකට ගොස් නිවසේ සිට රැුගෙන ආ පිහියකින් මැණික් කටුව ආසන්නයෙන් වම් අත කපා වෙන්කර ගෙන ඇත.

ලේ පෙරමින් සිටි මොහු දුටු උද්‍යානයේ සිටියෝ වහාම ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.ප‍්‍රතිකාර කළද වම් අතේ කි‍්‍රයාකාරීත්වය නැවත ඔහුට ලැබීම සැක සහිත බව වෛද්‍යවරු කියයි.

දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීම චීනය මේ දිනවල මුහුණදෙමින් සිටින අලූත්ම සමාජ ව්‍යසනයයි.වාර්තා වන ආකාරයට වයස අවුරුදු 18 ට වඩා අඩු දරුවන් පවා අන්තර්ජාල භාවිතයට ඇබ්බැහිවෙමින් සිටින වාතාවරණයක් චීනයේ ඇතිවෙමින් පවතී.

මෙම තත්ත්වය මර්දනය කිරීමට විවිධ වැඩමුළු හා දරුවන් සදහා වන කඳවුරු වැඩටහන් කි‍්‍රයාත්මක කිරීමට චීන බළධාරීන් කටයුතු කරමින් සිටී.

සමස්ථයක් වශයෙන් ආසියාව සැළකූ විට ඉතා කුඩා වයස් වල දරුවන් පවා ඉලෙක්ට්‍රෝනික උපාංග හා අන්තර්ජාලයේ වහලූන් බවට පත්වෙමින් සිටින බව සමිීක්ෂණ වලින් අනාවරණයව තිබේ.

මෙනිසා බොහෝ ආසියා රටවල් විශේෂ නීති හඳුන්වාදීමට මේ වන ටි පියවර ගෙන ඇත.

උදාහරණයක් වශයෙන් තායිවානයේ කුඩා දරුවන්ට ජංගම දුරකථන,අයිපෑඩ, ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කිරීමට ඉඩ දීම තහනම්ය.එවැන්නකට ඉඩ දී තිබෙන දෙමව්පියන් හසුවුවහොත් ඔවුන්ට පවුම් 1000 ක පමණ දඩයක් ගෙවීමට සිදුවේ.



අදහස් (0)

මුහුණ සමග තරහට නහය කපා ගැනීම

දුමින්ද Thursday, 05 February 2015 04:07 AM

ඕක මොකක්ද තැල්ල බඳින්න සමහරු බෙල්ල කපාගන්නකොට (නි)

:       0       0

අශෝක රළපනාව Wednesday, 04 February 2015 06:45 AM

අන්තිමට කියලා තියෙන දඩුවම නම් හැම කෙනෙක්ටම ගැලපෙනවා (දිල්)

:       0       0

ජයත් Wednesday, 04 February 2015 10:39 AM

වඳුරන්ට දැලිපිහි දුන්නම ඔහොම වෙනවා .ඒ එක්කම අශෝකත් එක්ක මම එකඟයි !(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site