පසුගිය මාස තුන ඇතුළත යේමනයේ කොලරා රෝගීන් 1900ක් පමණ මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොලරා රෝගීන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් එම මාස තුන ඇතුළත හමුවී ඇති අතර ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් බව එම සංවිධානය පවසයි.
මියගිය පිරිසගෙන් 32%ක්ම අවුරුදු 15ට අඩු දරුවන් බවට වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දරුවන් පෙලෙන උග්‍ර මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් කොලරා රෝගය පැතිරීම වේගවත් වී ඇති බවයි. 2015 වර්ෂයේ සිට යේමනයේ පවතින සිවිල් යුද්ධය නිසා රෝග මර්ධන කටයුතු අඩාල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
දරුවන් සම්බන්ධව කටයුතු කරන 'සේව් ද චිල්ඩ්රන්' ආයතනය පවසන්නේ යේමනයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මිලියනයක් පමණ කොලරා රෝගය විශාල වශයෙන් පැතිරී ඇති ප්‍රදේශ වල සිටින බවයි.
මන්දපෝෂණය සහිත දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඔවුන්ට ඉක්මනින් රෝගය වැළඳෙන බවත් එවැනි දරුවකු මියයෑමේ සම්භාවිතාවය තුන් ගුණයකින් වැඩි බවත් මෙම සංවිධානය පෙන්වා දෙයි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාස තුනකදී යේමනයේ කොලරා රෝගීන් 1900ක් මරුට