IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මූසිලයෙක් චීනේ

ජංගම දුරකථනය ගුරුවරයා බාරයට ගත්තැයි කෝපයට පත්වූ චීන ජාතික සිසුවෙක් තම පන්ති භාර ගුරුවරයා ගෙල කපා ඝාතනය කර තිබේ.

පෙර දින පාඩම අතරතුරදී මෙම සැකකාර සිසුවා ජංගම දුරකථනයේ ඇලී ගැලී සිටිනු දුටු පන්තිභාර ගුරුවරයා එම සිසුවාගේ ජංගම දුරකථනය තමන් භාරයට ගෙන තිබී ඇති බවත් එහෙත් පන්තිය අවසාන වූ පසු දුරකථනය නැවත සිසුවාටම ලබා දී ඇත.

ගුරුවරයාගේ ක්‍රියාව නිසා කෝපයට පත් සිසුවා පසුදින වේලාසනින්ම පන්තියට පැමිණ ගුරුවරයා පසුපසින් කිට්ටු කර  එක්වරම ගුරුවරයාගේ ගෙළ කැපී යන සේ පිහිපහරක් එල්ල කර ඇත.

ගුරුවරයා තිස්දෙහැවිරිදි එක් දරු පියෙකි.

 



අදහස් (0)

මූසිලයෙක් චීනේ

කුමාරි Friday, 20 September 2013 12:27 PM

නවීන තාක්ෂණය මිනිසුන් අන්ධ කරන හැටි තමයි මේ (නි)

:       0       0

මොහාන් Saturday, 21 September 2013 06:56 PM

අපි ලංකාවේදී නම් ගුරුතුමාව දණ ගස්සනවා. ඊට පස්සේ ගෙදරට ගිහින් තර්ජනය කරනවා. එහෙමත් බැරිවුණොත් තමයි වෙන තීරණයක් ගන්නේ. (නි)

:       0       0

සෙන්තිල් Friday, 20 September 2013 01:13 PM

ඊට වැඩිය වටිනා මගේ තාක්ෂණය ඔයාට මම දෙන්නම්කො මගේ කුමාරි‍. (ස)

:       0       0

සේනක Friday, 20 September 2013 07:59 PM

මූසිල හොඳ එකා (නි)

:       0       0

මහින්ද- හොරොව්පතාන Friday, 20 September 2013 08:13 PM

මේවට වගකිවයුත්තො දෙමාපියෝ (නි)

:       0       0

චන්දි Sunday, 22 September 2013 11:28 AM

ජලීල්, මා දන්නා පරිදි ෂරියා නීතියට අනුව ලේ ණය මුදලින් ගෙවා සිසුවාට මේ වරදින් නිදහස් විය හැක. මොකක්ද එහි ඇති සාධාරණය? (නි)

:       0       0

මනෝජ් -සාජා Friday, 20 September 2013 01:47 PM

චීනා ලංකාවෙන් ඉගෙන ගෙන. (ස)

:       0       0

ධම්මික රුවන් Sunday, 22 September 2013 11:48 AM

කුමාරිහාමි වගේ කුමාරිහාමිලා ඉන්නකන් මේ රටේ පාසැල් සිසුන් හදන්න වෙන්නේ නැහැ. ගුරුවරුන් පණ පිටින් හම ගහලා මරන්න ඕන කියන මේ වගේ කාලකන්නි ඉන්නකන් රට අගාධයේම තමයි. මේ වගේ උන්ට තණකොළ දෙන්න ඕන ගස් බැඳලා. මෙවුන් පාසැල් නොයා ගව ගාලක ඉගෙනගත් එළ හරක්...... (ස)

:       0       0

ජලීල් Sunday, 22 September 2013 12:01 PM

සනත්, අපි දැක්ක නේ ලංකාවේ පහුගිය කාලයේ විනාශ වෙච්ච ජීවිත සහ ඕගොල්ලෝ ශාන්තියෙන් පිළිතුරු දුන් හැටිත් අනේ මගේ කට, අමිල මට කියන්න බලන්න මොන රටේද මිනි නොමැරෙන්නේ කියලා? (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 20 September 2013 02:25 PM

අපේ රටේ නම් ගුරුවරුන්ට දඬුවම් කරන්නේ වෙන විදිහකට, ඔය තරම් දරුණු නැහැ. (නි)

:       0       0

ටොනි Saturday, 21 September 2013 08:58 PM

දෙවන රුපයේ ඉන්නේ ගුරුවරයාද පාසල් සිසුවාද දන්නා කෙනෙක් කියන්න (අ)

:       0       0

රිෂාර්ඩ් Monday, 23 September 2013 05:05 PM

සනත්,මිලේච්ඡයින්ට කව්ද අද ලෝකේ ශාන්තියෙන් පිළිතුරු දුන්නේ (නි)

:       0       0

සනත් Saturday, 21 September 2013 09:39 PM

ජලීල්, ම්ලේච්ඡ කම නීතියක් විය නොහැක.ම්ලේච්ඡයින්ට ශාන්තියෙන් පිළිතුරු දුන් ශාන්ති නායක බුදු රජාණන් වහන්සේ ගේ මාර්ගය එකම විසඳුම වේ. (නදී)

:       0       0

කුමාරිහාමි Friday, 20 September 2013 03:16 PM

ලංකාවේ ළමයි කී දෙනෙක් ජංගම දුරකථනය නිසා දිවි නසාගත්තද? එහෙම බැලුවම මෙහේ ගුරුවරු පණ පිටින් හම ගහලා මරන්න ඕන. (ස)

:       0       0

කුමාරන Friday, 20 September 2013 03:49 PM

මිනීමරුවෙක් කොහොමද මෙහෙම කෙනෙකුට ගළපන්නේ? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 20 September 2013 03:53 PM

එයාගේ තාත්තා ඇවිල්ලා ඒ ගුරුවරයා දණගැස්සුවා නම් ඉවරනේ. අපරාදේ වටිනා ජීවිතයක්. (නි)

:       0       0

චමත් Monday, 23 September 2013 06:00 PM

ෆෝන් එක දුන්නා නම් ඉවරනේ? (නි)

:       0       0

අමිල Saturday, 21 September 2013 01:08 PM

මෙතන අදහස් දාපු අයගේ අදහස් දැක්කම මෙතන මුසිලයන් වගේම මූසලයන් ගොඩක් ඉන්නවා. (නි)

:       0       0

චමත් Monday, 23 September 2013 06:00 PM

ෆෝන් එක තියාගන්න දුන්නා නම් ඉවරනේ? (නි)

:       0       0

සුගත් Saturday, 21 September 2013 10:53 PM

වදුරට දැල්පිහිය අහුවුණා වගේ කියලා කියමනක් අපේ තියෙනවා. අපේ ළමයන්ට එහෙම වෙන්න නොදී හදා ගන්න එක ගුරුදෙගුරු වගකීමක් (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 21 September 2013 01:48 PM

මානසික අසහන කාරයෙක් (අ)

:       0       0

සසු Saturday, 21 September 2013 02:37 PM

යසයි කුමාරි හාමිගේ සිතිවිල්ල . ජලීල්, ගිහිල්ල බලනවා ෂරියා නීතිය තියෙන සෞදියට. උන් වාහනයක් වත් එලවන්න දන්නේ නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 23 September 2013 01:53 PM

කව්ද කියන්නේ මූසිල ගුරුතුමාගේ බෙල්ල කැපුවාය කියල.චන්ද්‍ර (දී)

:       0       0

පොඩි Sunday, 22 September 2013 01:13 AM

චිනෙත් කිසිම පිළිවෙලක් නැති පන්තියක් .අපි (අ)

:       0       0

භාති Tuesday, 24 September 2013 07:22 AM

ටෝනිට දෙවැනි රූපය දැකලා විචිකිච්චාවද?ඕනෑ නම් ඒ රුපය කපලා බිත්තියේ ගහගන්න. (නි)

:       0       0

අනුර Tuesday, 24 September 2013 08:19 AM

ජලීල් ඉදිරිපත් කළ අදහස සාධාරණයි, ඒ එයාගෙ ආගමික න්‍යාය අනුව. ඒත් නමින් කුමාරිහාමි කියාගන්න කෙනෙක් ඉදිරිපත් කළ අදහස නම් හරිම අගෙයි. එයා තාමත් සිංහල රජකාලෙ හනමිටි අදහස් තියෙන නමටම ගැලපෙන කෙනෙක් (නි)

:       0       0

අමරසේන Monday, 23 September 2013 07:43 PM

අමිල, නිකන් අනවශ්‍ය කතා දාන්න එපා (නි)

:       0       0

අමරසේන Monday, 23 September 2013 07:49 PM

සසු ,අනුන්ගේ දේවල් බලන්න පෙර තමුන්ගේ දේ බැලුවා නම් නේද හොද? (නි)

:       0       0

ඩෑන් Tuesday, 24 September 2013 08:46 AM

කිංස්ලි,ඔයා ගැන දුකයි.ඔයාගේ මානසික ලෙඩේට ඉක්මනට බේතක් ගන්න (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 21 September 2013 08:45 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු... (නි)

:       0       0

ජලීල් Saturday, 21 September 2013 09:17 AM

මෙයට පිළියම ෂරියා නීතිය පමණි, ටික දෙනෙක් මුලදී දැඩි දඩුවම් ලැබුවත් අනාගත පරම්පරාව යහපත් /ගුණගරුක/ දුෂණයෙන් තොර සමාජයක් බිහිවීමට මෙය රුකුලක් වේ. ලොව මවා එය පරිපාලනය කරන සර්ව බලධාරී අල්ලාහ් මිනිසුන් සුමගට ගැනීම උදෙසා පමණක් ය මෙසේ දැඩි නීති පමුණුවා ඇත්තේ, ඔහු අතීතයත්, වර්තමානයේත් අනාගතය ගැනත් මනා අවබෝධයකින් සිටි. (නි)

:       0       0

කිංස්ලි Friday, 20 September 2013 06:48 PM

මූ චීනෙක් වෙන්න බැ මූ ලංකාවේ එකක් (අ)

:       0       0

අමිල Saturday, 21 September 2013 06:06 PM

ජලීල්, ඔයාලගේ ෂරියා නීතිය තියෙන රටවල් වල බල්ලෝ වගේ විශාල මිනිසුන් ගණනක් මැරෙනවා.ඔයාලත් ඔය බෙලි කපන ඒවා ඉගෙන ගත්තේ ලංකාවේ හිටපු රජවරුන්ගේ දඬුවම් දැකලා. අපි නොදන්නා ෂරියා... (නි)

:       0       0

නිරෝෂා දේ සිල්වා Monday, 23 September 2013 05:44 AM

මේක සුළු දෙයක් නොව, ගොඩක් ලොකු සංකීර්ණ ප්‍රශ්නාර්ථයක්. කොතන නමුත් වැරදිලා තියෙනවා. මිනිස්සුන්ගේ ආකල්ප හැදියාව තුලින් නැගුනු බොහොම බරපතල තත්ත්වයක්. තාක්ෂණයේ දියුණුව වගේම ගොඩක් දේවල් මේ වෙනසට හේතු වෙනවා. ඉස්සර අපි හැදුනු වැදුණු පරිසරය, මිනිස් ආකල්ප කොච්චර වෙනස් වෙලාද කියලා මේ දේවල් වලින් තේරෙනවා. ඇති වෙලා තියෙන කණගාටුදායක තත්ත්වයට වගකිවයුත්තේ මෙවැනි වෙනසක් ඇති කළ මිනිසාම පමණකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site