චීනයේ උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස චීන රජයේ අපයෝජනයන්ට ලක්වෙනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ද එළිදැක්වීමට නියමිතය. චීන රජය එරට උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස මර්දනය කරමින්, වධකාගාර කඳවුරුවලදී ඔවුන් නොයෙකුත් වධ බන්ධනයන්ට පත් කරනවා යැයි ඇමෙරිකාව ද චෝදනා කරයි.
ඇමෙරිකාව නගන එම චෝදනා සැලකිල්ලට ගනිමින්, චීනයේ මානවහිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේගේ මූලිකත්වයෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් චීනය කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, චීනය පවසා ඇත්තේ එල්ල වන එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
(රොයිටර්)
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුස්ලිම් සුළුජාතිකයන්ට චීනයෙන් කෙණෙහිලිකම්