
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය.
38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය.
මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත.
උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයකි. ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට පනවා ඇති සම්බාධක නිසාය.
මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට බටහිර මාධ්‍ය අනුමාන කර ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා
සෙනෙහසක උල්පත Sunday, 20 November 2022 04:42 PM
පීතෘ-දුහිතෘ සදාතනික ඇල්මේ, බැල්මේ, සෙනහසේ, ආදරයේ, අකලංක දිගහැරුම... අපේ නායකයෝ නං පේන දුර මෙි ටික යන්නත් විදේශ විනිමය නාස්ති කරයි. ජනතා න්‍යාය පත්‍ර දෙඋර මත තබා ගත් සොදුරු පරමාදර්ශී නායකයෝ....
Sam Gamage Monday, 21 November 2022 02:05 AM
මොකද්ද දන්නේ නැහැ ජනතා න්‍යාය පත්‍රය.මේ වගේ පාහර මිනීමරු පිස්සන් අගයන අමනයෝ ඉන්නේ මේ රටේ විතරයි .ලෝක්වක් නසන්නට මෙවන් විනාශකාරී දේ හදන මන්ද බුද්ධිකයන් විනාශ වේවා