ඇමෙරිකාව අඟහරුවෙත යැවූ මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ වටා සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය පවසයි.
එය ඉලිප්සාකාර මාර්ගයක රැඳවීමෙන් පසු අඟහරුවටා යාමට පැය 35ක් ගතවන බව ද පර්යේෂකයෝ කියති. ඉදිරි සති කිහිපයේ දී වඩාත් සාර්ථකව පර්යේෂණ කිරීමට අඟහරු ග්‍රහයාට වඩාත් සමීප වෙමින් පහළ කක්ෂයකට ගමන් කිරීමට නියමිත මාවෙන් පැය 4.5 ක කාලයක දී අඟහරු වටා ගමන් කරනු ඇත. එවිට යානයත් අඟහරු පෘෂ්ඨයත් අතර දුර කිලෝ මීටර 150ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.
ඉන්පසු නැවතත් කිලෝ මීටර 6200ක් දක්වා ඉවතට ගමන් කිරීමට නියමිතය. එහිදී යානයේ ගෙනගිය උපකරණ නිසි පරිදි ක්‍රියාත්ක වන්නේ ද යන්න පරික්ෂා කිරීමට ද නියමිතය.
රතු ග්‍රහයාට සූර්යයාගේ බලපෑම කෙසේදැයි යන්න සොයා බැලීම මේ යානයේ අරමුණකි. එසේ ම ග්‍රහයාට හා එහි වායුගෝලයට කෙතරම් සූර්ය බලයක් ලැබෙන්නේ ද යන්නත් අධ්‍යයනය කිරීමට නියමිතය. මාවෙන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අඟහරුගේ කාලගුණ තත්ත්වය අධ්‍යයනය කිරීමයි.
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාවෙන් අඟහරුට සමීප වෙයි
රූපවතී Monday, 22 September 2014 05:42 PM
කොහොමහරි කමක් නැහැ, මිනිසුන්ට හුස්ම ගන්න පුලුවන්ද කියලා අපිට දන්වන්න. බඩු මිල කොච්චර ඉහළ ගියත් කමක් නැහැ. මරණ බයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් එහේ. මමත් යනවා පවුල පිටින්ම (නි)
සුනිල් මාපලගම Wednesday, 24 September 2014 07:09 AM
මම හිතුවේ අපේ මාවෙන් අතපත්තු අඟහරු ලෝකෙට ගියා කියලා. දැන් තමා හරියට වැටහුනේ (නදී)
මංගලම් Tuesday, 23 September 2014 08:45 AM
දැන් රූපවති හුස්ම ගන්නේ කොහෙන්ද? (ස)
ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 03:58 AM
රුපවතී කොහොමද යන්නේ බස් එකෙන්ද කෝච්චියෙන්ද ? (නදී)
පුබුදු Tuesday, 23 September 2014 04:22 AM
මම හිතන්නේ මෙයත් නාසා ආයතනයේ විශිෂ්ට ක්‍රියාවක් වේවි. ඔවුන් දැනටමත් මිනිසාගේ ඉදිරි ගමනට ලබා දී ඇති දායකත්වය ඉමහත්. (නදී)
රූපවතී Tuesday, 23 September 2014 05:21 AM
නාසා ආයතනයට අපි එයාල ඉල්ලන ගාන ගෙව්වොත් එයාල අපිව බස් එකෙන් හරි ගෙනිහින් දමාවි. හුස්ම ගන්න පුලුවනි නම් ඒ ඇති. (නදී)