IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මාලි රාජ්‍යයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 20 ක් තුවාල ලබති

මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය පවසන්නේ ඩුවෙන්ට්සා නගරය අසල පිහිටි සාම සාධක භටයන්ගේ කඳවුරකට ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

අල්කයිඩා හා ඉස්ලිම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ද සටන්කාමී කණ්ඩායම් නිරතුරුවම සාම සාධක භටයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නමුත් මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතක් අනාවරණය වී නොමැත.

මෙහෙයුම් ප්‍රධානී සල්ගාඩෝ පවසන්නේ ප්‍රහාරය තරයේ හෙලා දකින බවය.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු නියෝග කර තිබේ.

මේ වනවිට මාලිහි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 14,000 ක් පමණ සිටිති. ඔවුන් 2013 වසරේ සිට සේවයේ යොදවා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085



අදහස් (0)

මාලි රාජ්‍යයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 20 ක් තුවාල ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site