IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මලාලා යූසුෆ්සායි ඔක්ස්ෆර්ඩ් සරසවියට

මලාලා යූසුෆ්සායි උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට තේරී ඇති බව වාර්තා වේ. නොබෙල් සම්මාන ත්‍යාගලාභී මලාලා දැනට එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ජීවත් වන අතර එහි ලේඩි මාගරිට් හෝල් විද්‍යලයේ උසස් අධ්‍යාපනය ලැබීය.

උසස්පෙළ සඳහා දේශපාලන විද්‍යාව, දර්ශනවාදය හා ආර්ථික විද්‍යාව හැදෑරූ ඇය එම විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන ඇත. පකිස්ථාන ජාතික මලාලා යූසුෆ්සායි ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කළාය.

2012 වර්ෂයේදී තලේබාන් සාමාජිකයන් විසින් ඇය ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයෙන් ඇය බේරුණේ අනූනවයෙනි. ඉන්පසු ඇය ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වූ අතර එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් පවුලේ සාමාජිකයන් සමඟ බර්මිංහැම් නගරයේ පදිංචියට ගියාය.

20 හැවිරිදි වියේ පසුවන මලාලා හිටපු පකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝ මහත්මිය ඔක්ස්ෆර්ඩ් සරසවියේදී  හැදෑරූ විෂයයන්ම තෝරාගෙන ඇති බව පැවසේ.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

මලාලා යූසුෆ්සායි ඔක්ස්ෆර්ඩ් සරසවියට

thamindu dulvan Friday, 18 August 2017 01:51 PM

මලාලා සොයා දීපු එක ගැන තලේබාන්වරුන්ට ස්තුති කරමු.

:       1       32

ranjan Friday, 18 August 2017 04:14 PM

තමන්ට අවශ්‍ය විදියේ නායිකාවෝ බිහි කරන්නේ ඔහොම තමා

:       5       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site