ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නව නායකයා ලෙස තෝරා ගැනුණු 80 හැවිරිදි මල්ලිකාර්ජුන් කහාර් නිල වශයෙන් එම ධුරයේ රාජකාරි ඇරැඹුවේය. ඒ, පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධිගේ සුබ පැතුම් මධ්‍යයේය.
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පසුගිය දා පැවැති ඡන්දයෙන් පක්ෂ සාමාජිකයන්ගේ වැඩි මනාපය හිමිවූයේ මල්ලිකාර්ජුන් කහාර්ටය. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ පක්ෂ නායකත්වයට මල්ලිකාර්ජුන් කහාර් සුදුසු බවය.
මල්ලිකර්ජුන් කාර්ගේ කොංග්‍රස් පක්ෂ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කොංග්‍රස් පක්ෂ රජය යටතේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත. කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැති පක්ෂ සාමාජකයකුට හිමිවුණේ වසර 24 කට පසුවය. මල්ලිකර්ජුන් කාර්ගේ දාලිත් කුලයේ සාමාජිකයෙකි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට දාලිත් සාමාජිකයකු පත් කරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මල්ලිකාර්ජුන් කහාර්ගේ පක්ෂ නායකත්වය බාර ගනී