මලයාසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත යාමට ගුවන්ගත වූ මලයාසියා ගුවන් යානයක ඇති වූ දෝශයක් හේතුවෙන් යළි හරවාගෙන ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානයේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් මෙලෙස හරවාගෙන පැමිණ ඇත්තේ එම්.එච්.198 අංක දරණ යානයයි. යානය යළි ගොඩබැස්සවීමට පෙර ඉන්ධනය දහනය කිරීම සඳහා පැය හතරක පමණ කාලයක් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරවා යළි බස්සවන ලදැයි වාර්තා වෙයි.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලයාසියා යානයකට යළි කරදරයක්
ඉසුරන්දි Monday, 15 September 2014 04:32 AM
මේ යානාවල කාලය ඉකුත් වෙලාද කොහෙද මටනම් පෙන්නේ.(අ)
අමිත් තුෂාර Monday, 15 September 2014 04:59 AM
මෙහෙම ගියොත් ඒ ගුවන් සමාගමත් මිහින් ලංකා ගණයටම වැටේවි (දිල්)
මේකලා Tuesday, 16 September 2014 09:11 AM
දැන් නම් නිවාඩුවට ලංකාවට එන උදවිය මේ ගුවන් සේවය තෝරා ගන්නේ දෙපාරක් හිතලා. යානයට නැග්ගොත් මොකක් හරි අලකලංචියක්. (නදී)
අමිල Monday, 15 September 2014 07:43 PM
අම්මෝ! මම නම් ඕවායේ යන්නෙ නැහැ (නි)
තිලක් Tuesday, 07 October 2014 07:39 AM
මොනා කරන්ඩද අතේ තියෙන ගානේ විදියට අඩුම එක තමයි ඕක (නදී)
චමින්ද Monday, 15 September 2014 12:21 PM
පසුගිය කාලයේ සිදු වුන සිදුවීම් නිසා, ගුවන් සේවයේ ජනප්‍රිය තාවය ඉතාම පහල මට්ටමක තියෙන්නේ. නමුත් සමහරු තාමත් මේ ගුවන් සේවයේ ගමන් කරනවා. එයට හේතුව තමයි, අනිකුත් ගුවන් සේවයන් සමග සැසදීමේදී ගුවන් ගාස්තුව ඩොලර් 200 කින් පමණ අඩු වීම. (නදී)