වසර 30 ක් තිස්සේ මාලදිවයිනේ ජනපති ධුරය හෙබවූ අබ්දුල් ගයුම් ඊයේ (5) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී සාකච්ඡා පැවැත්වීය.
හිටපු ජනපති ගයුම් ඉන්දීය අගමැති හමුවීමට පැමිණියේ මාලදිවයිනේ ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය.
මාලදිවයිනේ වත්මන් ජනාධිපති වහීඞ් හසන්ගේ රජය ගයුම්ට පක්ෂපාතී යැයි පැවැසෙයි.
හසන්ගේ රජය සහ ඉන්දීය රජය සමඟ මිතුදම් පළුඳු වී ඇති අතර හසන්ගේ රජය වඩාත් සමීප වී සිටින්නේ පාකිස්තානය සහ චීනය සමඟය.
ඉන්දියාව සහ මාලදිවයින අතර ද අර්බුදයක් නිර්මාණය වූයේ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් අත්අඩංගුවට ගැනීමට මාලදිවයින අධිකරණයක් වරෙන්තු නිකුත් කළ අවස්ථාවේ, මාලේ නුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, දින කිහිපයක් ඔහුට රැකවරණ දීම හේතුවෙනි.
එම නිසා, ජනපති ධුරයේ සිටිද්දී බලය අයථා ලෙස භාවිතා කළැයි චෝදනා ලැබ සිටින නෂීඞ් අත්අඩංගවට ගැනීමට මාලදිවයින රජයට නොහැකි විය.
ඉන්දියාව කටයුතු කළ ආකාරය සහ ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිවලට විරෝධය පාමින්, මාලදිවයින ජනපති වහීඞ් හසන්, පාකිස්තානයට සහ චීනයට ද වඩාත් සමීප වූයේ එහෙයිනි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මාලදිවයින රජය සහ පාකිස්තානය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ද ආරම්භ විය.
නෂීඞ්ට සහාය දැක්වීම හේතුවෙන් ඉන්දීය රජය අපකීර්තියට පත් වූවා පමණක් නොව, එයින් ඔවුනට කිසිදු වාසියක් ද අත් නොවිණි.
මේ වනවිට නෂීඞ් ඔහුට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් බටහිර රටවල සහාය ඉල්ලමින් ඔවුන්ට වඩාත් සමීප වීමට උත්සහ ගනිමින්් සිටින්නේ ඉන්දීය රජය අමතක කරමිනි.
මාලදිවයිනේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපති ලෙස නෂීඞ් බලයට ආවේ ඒකාධිපති පාලකයකු වූ ගයුම්ගේ පාලනය පෙරළා දමමිනි. නෂීඞ්ට සිය ධුරය අහිමි වූයේ ඉකුත් සිදුවූ කුමන්ත‍්‍රණයකිනි.
උප ජනපති ලෙස කටයුතු කළ වහීඞ් ජනපති ධුරයට පත්වූයේ එවිටය. නෂීඞ්, එම අවස්ථාවේදී චෝදනා කරන්න වූයේ වහීඞ් සහ ගයුම් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමීමට කටයුතු කළ බවටය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලදිවයිනේ හිටපු ජනපති ගයුම් ඉන්දීය අගමැති සිං හමුවෙයි