IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ විදේශ ඇමැති එ.ජා. සැසියේ සභාපති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී ඇත.

එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 76 වන සැසිවාරයේ මුලසුන හොබවන සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ ඡන්ද විමසීම  සඳුදා (7) පැවැත්විණ.

සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී අබ්දුල්ලා ෂාහිඩ් ඡන්ද ඡන්ද 191 න් වැඩි ඡන්ද 143 ක් ලබා ගත්තේ ය.

75 වන සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ, තුර්කියේ වොල්කන් බොස්කීර් මහතා ය.

මහා මණ්ඩලයේ සභාපතිවරයා සෑම වසරකම රහසිගත ඡන්ද විමසීමක් මගින් තෝරා පත් කර ගනු ලබන අතර ඊට අවශ්‍ය වන්නේ, මහා මණ්ඩලයේ සරල බහුතර ඡන්දයකි.මේ අතර මහා මණ්ඩලයේ 76 වන සභාපතිවරයා ලෙස තේරී පත්වූ මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයාට ඉන්දියාව ද සුබ පැතුම් එක් කර තිබේ.

ඒ අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු ඇති.

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි



අදහස් (0)

මාලදිවයිනේ විදේශ ඇමැති එ.ජා. සැසියේ සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site