IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලදිවයිනේ නව ජනපති ඉන්දියාවේ සංචාරයක

ඇමැතිවරුන් කිහිපදෙනකු ද සමඟ ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි මාලදිවයිනේ නව ජනාධිපති වහීඞ් හසන් මලික්, ඊයේ (13) නවදිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීය. ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මාලදිවයින් ජනපති ඇතුළු ඇමැතිවරුන් පිරිස සාදරයෙන් පිළිගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබුණි. මාලදිවයින් ජනපති ඊයේ ඉන්දීය අගමැති හමුවූයේ මාලදිවයින් විදේශ කටයුතු ඇමැති දුන්යා මෝමූන් ද සමඟය. දුන්යා මෝමූන් යනු හිටපු මාලදිවයින ජනපතිවරයකු වන අබ්දුල් ගයුම්ගේ දියණියයි. මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයෝ දෙදෙන සාකච්ඡා පැවැත්වූහ. මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිගටම පවත්වාගෙන යෑමට ඉන්දියාව සහාය ලබා දෙන බව ද අගමැති සිං කියා සිටියේය. ආරක්ෂක අංශ සිදුකළ කුමන්ත‍්‍රණයෙන් පසුව ජනපති ධුරයේ සිටි මොහොමඞ් නෂීඞ් ඉකුත් පෙබරවාරි 7 වැනිදා බලයෙන් ඉවත් වූයේ උප ජනපති ධුරයේ සිටි වහීඞ් හසන්ට බලය පවරා දෙමිනි. එම අවස්ථාවේදී හසන් මාලදිවයින් ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. තමා බලයෙන් පහ කිරීමට කළ කුමන්ත‍්‍රණයට හසන් සහ හිටපු ජනපතිවරයකු වන අබ්දුල් ගයුම් සම්බන්ධ යැයි මොහොමඞ් නෂීඞ් චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ද ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. ජනාධිපති හසන්, තමාගේ නව කැබිනට් මණ්ඩලයේ විදේශ ඇමැති ධුරය දුන්යා මෝමූන්ට ලබා දීමෙන් පැහැදිලිව පෙනී යන්නේ, හසන් සහ හිටපු ජනපතිවරයකු වන අබ්දුල් ගයුම් අතර සම්බන්ධයක් ඇති බව යැයි ද බලයෙන් නෙරපා දැමුණු ජනපති නෂීඞ් පවසයි. මාලදිවයින් ජනාධිපති වහීඞ් හසන් ඉන්දීය අගමැති  මන්මෝහන් සිං හමුවූ අවස්ථාව



අදහස් (0)

මාලදිවයිනේ නව ජනපති ඉන්දියාවේ සංචාරයක

දර්ශන Monday, 14 May 2012 11:13 PM

මාලදිවයිනත් ඉවරයි

:       0       0

අලිබබා Monday, 14 May 2012 11:43 PM

මාලදිවයින ඉන්දියාවටනේ ආවේ. කොහොමත් හොද විසදුමක් ලැබේවි. ලංකාවටත් ඔයවගේ හොද විසදුමි ලබාදීලයි තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site