මාලදිවයිනේ මාලේ අගනුවර වාහන අලුත් වැඩියා කරන ගරාජයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් එම 10 දෙනාගෙන් 9 දෙනකු ඉන්දියානු ජාතිකයන් බවත් පැවැසෙයි.
මියගිය ඉතිරි තැනැත්තා බංග්ලාදේශ ජාතිකයෙකි. ගරාජය පිහිටි ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විතය. ගින්න හටගෙන ඇත්තේ පහළ මහලේය. වාහන අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ මෙම මහගේ බව පැවැසෙයි.
ඉන්පසු ගින්න වේගයෙන් උඩු මහලට පැතිර ගොස් ඇති අතර, මියගොස් ඇත්තේ උඩු මහලේ ගින්නට කොටුවුණු සේවකයන් පිරිසකි. ඔවුන්ට පිටවීමට හැකියාවක් ලැබී නැත.
ගින්න නිවා දැමීමට ගිනි කිවන භටයන් කැඳවූ නමුත්, ගරාජයේ ඇති ඉන්ධන, තෙල් සහ වෙනත් රසායන ද්‍රව්‍ය හේතුවෙන් ගින්න පාලනය කිරීම අසීරු කටයුත්තක් වූ බව මාලදිවයින මාධ්‍ය වාර්තා කර තිබේ.
ගින්න නිවා දැමීමට පැය 5 කට වඩා ගත වුණු බව පැවැසෙයි. පිළිස්සී ගිය මළ සිරුරු උඩු මහලෙන් හමුවූයේ ඉන්පසුවය.
මාලේ රාජ්‍යයේ ජනගහනයෙන් හරි අඩක් විදෙස් ශ්‍රමිකයන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනා බංග්ලාදේශය, ඉන්දීය, නේපාල, පාකිස්තාන සහ ශ්‍රී ලාංකිකයයන්ය.
සිද්ධිය සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු කතානායක ලෙස ද කටයුතු කරන මොහොමද් නෂීඩ් ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.
මියගිය අය වෙනුවෙන් තමන් කනගාටුවට පත් වුණු බවත් එම අයගේ පවුලේ සාමාජිකයන්ට තමන් තම කනගාටුව පළ කරන බවත් නෂීඩ්ගේ එම ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලදිවයිනේ ගරාජයක ගින්නක්: 10 ක් මරුට