IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මරණය කල් දාලා

වැඩිම ආයු කාලයක් විඳින මිනිසුන් සිටිනා රටවල් දෙක ලෙස අයිස්ලන්තය හා ජපානය පත්ව සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව 2012 දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ගැහැනියක අවුරුදු 73ක් හා පිරිමියකු අවුරුදු 68ක් ජීවත්වන බව හෙළිකැරගෙන ඇත.

මෙම තත්වය 1990 දි සාමාන්‍ය ගෝලීය ජීවන අපේක්ෂාවට වඩා අවුරුදු හයක වැඩිවීමකි. වත්මන් දත්තයන්ට අනුව වැඩිම ආයුවින්දනයක් අපේක්ෂා කරන ගැහැනු ජීවත්වන්නේ ජපානයේය. ඒ වයස අවුරුදු 87කි. වැඩිම පුරුෂ ආයු කාල අපේක්ෂාව වන වයස අවුරුදු 81ට හිමිකම් කියන්නේ අයිස්ලන්තයයි.

ඊලඟ ස්ත්‍රී වැඩිම ජීවන අපේක්ෂා වන අවුරුදු 85 ස්පාඤඤය, ස්විට්සර්ලන්තය, සිංගප්පුරුව සහ ඉතාලිය යන රටවල් හිමිකම් කියයි. අයිස්ලන්තයට පසු වැඩිම පුරුෂ ආයු අපේක්ෂාවට හිමිකම් කියන්නේ  ස්විට්සර්ලන්තය,ඕස්ට්‍රේලියාව,ඊශ්‍රාලය සහ සිංගප්පූරුව යන රටවල් කිහිපයයි. එම ආයු කාලය වසර 80කි.

එක්සත් රාජධානියේ 2012 දි උපන් පිරිමියකුගේ අපේක්සිත ආයු කාලය වයස 79ක් වන අතර ගැහැනු ළමයකු අවුරුදු 83ක් ජීවත්වනු ඇතැයි අපේක්ෂිතය

ඇමරිකා එක්සත් ජනපදයේ 2012 දී උපත ලද පිරිමි ළමයෙකුගේ ආයු වින්දන වයස අවුරුදු 76 ක් වන අතර ගැහැනු ළමයෙකුගේ එය අවුරුදු 81 ක් බව ගණන් බලා ඇත.

ඉහළ ආදායම් සහිත සියලුම රටවල් එකට ගෙන ඇති පිරිමින්ගේ දැනට පවතින  සාමාන්‍ය ජීවන අපේක්ෂාවන් අවුරුදු 76 ක් වන අතර පිරිමි ළමයෙකු අඩු ආදායම් ලාභි රටක උපත ලද්දේ නම් අවුරුදු 60කි එනම් ඉහළ ආදායම් රටක ජීවිත අපේක්ෂාවට වඩා අවුරුදු 16  ක්  අඩුවෙන් ඔවුහු ජීවත් වෙති.

2012  දි උපත ලද ඉහළ ආදායම් ඇති රටක ගැහැනු ළමයෙකුගේ ජීවන අපේක්ෂාව 82 ක් වන අතර අඩු ආදායම් ලාභි රටක එම වයස අවුරුදු 63 කි.

ඉහළ ආදායම් රටවල ජීවන අපේක්ෂාව වාසිදායක ලෙස  වැඩි වීමට බලපා ඇති සාධකය ලෙස හඳුනාගෙන ඇත්තේ සාර්ථක ලෙස බෝනොවන  රෝගයන් පාලනය කිරීමයි . මෙහිදී හෘදයාබාද සහ දියවැඩියාව පාලනය කිරීම වැදගත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන සහ තොරතුරු පද්ධතියේ අධ්‍යක්ෂ ආචාර්ය ටයිස් බෝර්මා පවසයි.

සාමාන්‍යයෙන් මිනිසුන් ප්‍රමාණයක් තමන්ගේ 60 වන ජන්ම දිනයට පෙර මරණයට පත්වන්නේ හෘදයාබාධ සහ ආඝාතය වැළදීමෙනි.

ධනවත් රටවල අධි රුධිර පිඩනය වඩා  ක්‍රමවත් ලෙස පාලනය කරණු ලබයි. රටවල් කිපයක දුම්කොල භාවිතය අඩුවීමද දීර්ඝායු විඳීමට එම රටවල වැසියනට උදව් වී තිබේ.

කෙසේ නමුත් 2014 ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව අඩු ආදායම්ලාභී රටවල 1990 සහ 2012 අතරේදි සාමාන්‍ය ජිවන අපේක්ෂාව අවුරුදු 9 කින්  ඉහළ ගොස්  වැඩිම ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ.

අඩු ආදායම් ලාභී රවටල් අතරින් වැඩිම ජීවන අපේක්ෂා වර්ධනය  හිමිකර ගෙන ඇත්තේ ලයිබීරියාවයි. එනම් 1990 දි 42 ක් වු එම වයස 2012 වනවිට 62 ක් බවට පත්ව ඇත. ඉතියෝපියාව 45 සිට 64 දක්වාද මාල දිවයින 58 සිට 77 දක්වාද කම්බෝජියාව 54 සිට 72 දක්වාද ටිමෝරය 50 සිට 66 දක්වාද රුවන්ඩාව 48 සිට 65 දක්වාද මෙම ඉහත කි කාලය තුළ තම ජීවන අපේක්ෂාවන් වැඩි කරගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාගරට් චෑන් පවසන්නේ ගෝලීය ජිවන අපෙක්ෂාවන් දියුණු වීමට බලපා ඇති වඩාත්ම වැදගත් හේතුව වන්නේ ස්වල්ප ප්‍රමාණයක් පමණක් ළමයින් තම පස්වන උපන් දිනයට ප්‍රථම මියැදීම බවයි.

නමුත් ලෝකයේ සංඛ්‍යා දත්තයනට අනුව පෙනීගොස් ඇත්තේ ගැහුනුන් පිරිමිනට වඩා වැඩි කාලයක් ජිවත්වන බවයි.

ඉහළ ආදායම් රටවල සාමාන්‍ය වශයෙන් එම වයස අවුරුදු 6  ක් වැඩිවන වන අතර අඩු ආදායම් රටවල එම කාලය සාමාන්‍යෙයන් අවුරුදු තුනකි.

සහරා අප්‍රිකා උප  මහාද්වීපයේ ඇන්ගෝලාව,මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, අයිවරි රාජ්‍යය, කොන්ගෝ ජනරජය, ලෙසොතෝ, මොසැමිබික්, නයිජීරියා සහ සියරාලියොන් යන රටවල තවමත් ජීවිත අපේක්ෂාවන් අවුරුදු 55 ට අඩුබව වාර්තාවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛා දත්ත අනුව පෙන්වාදෙන්නේ වැඩිම සංඛාවක් නොමේරු දරුඋපත් මරණවලට බලපාන ප්‍රධාන හේතු තුන වන්නේ  කිරිටක හෘද රෝග, නියුමෝනියා වැනි බෝවන ස්වසන රෝග සහ ආඝාතයයි.

කෙසේ නමුත් ගෝලිය වශයෙන් ගත්කළ මරණවලට බලපාන ප්‍රධානම හේතු විවිධවේ.

අප්‍රිකානු රටවල් 22 ක නොමේරු ලදරු මරණවලට සියයට 70 ක් බලපාන ප්‍රධානම හේතුවනම් බොවන රෝගීතත්වයන්ය.

එයට අනුව සසඳන කළ ඉහළ ආදායම් ලබන  රටවල් 47 ක  මේ තත්වයට හේතුවන්නේ බෝනොවන රෝග සහ තුවාල හේතුවෙන් සියයට 90 ක් මරණයට පත්වේ.

වයස අවුරුදු 5ට වඩා අඩු වයස්වල මරණයන්ට වඩාත්ම වැඩිම හේතු වන්නේ මළ දරු උපත්වේ.

ළදරු මරණවලට වැඩිම දෙවන හේතුව  වන්නේ නියුමෝනියා රෝගීතත්වයයි.


 

 



අදහස් (0)

මරණය කල් දාලා

ජීවක Saturday, 17 May 2014 04:37 PM

පින්වත, ඉක්මනින්ම මැරෙන අය ඉන්න රට දන්නවද? (අ)

:       0       0

කළණ Saturday, 24 May 2014 06:10 PM

එක පුදුමවෙන්න කාරියක්ද ? අපේ ලොක්කට දැන් වයස කීයද? තවම කොන්ඩ සුදුවෙලත් නැහැ. (ස)

:       0       0

සෑම් Saturday, 17 May 2014 08:44 AM

මට ටිකක් පරණ කතාවක් මතක් වුණා. ඕස්ට්‍රේලියාවේ මීට වසර කිහිපයකට කලින්, එවකට වැඩිමහල්ම පුද්ගලයාව ගුවන් විදුලියෙන් සම්මුඛ සාකච්ඡාවක් කළා. ඔබගේ දීර්ගායුෂ ලැබීමේ රහස කුමක්ද කියා ඇසු විට පිළිතුර, "ගොඩක් විස්කි බීම" යන්නයි. එවිට විස්කි බීම හොඳ නැති බව දොස්තර කීවේ නැද්ද' යි ඇසු විට පිළිතුර, "ඔව් ඒක අගුණ බව දොස්තර කිව්වා. නමුත් දොස්තර මට කලින් මළා" යන්නයි. ‍(නි)

:       0       0

සරත් බංඩාර Saturday, 17 May 2014 12:58 PM

ලාංකිකයන්ගේ ආයුකාලය කෙටිවෙන එක නවතන්න රජය ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ. සිගරට් පැකට්ටුවේ දැන්වීම ගැන බොරුවට කතාකරන අය වාහන විෂ දුම ගැන අමතක කරලා. පෙනහළු රෝගීන් වන නාගරික ජනතාවට මරණය ඉක්මන් වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site