කොවිඩ් ආසාදිතව මියගිය තම සේවකයින්ගේ පවුල් සඳහා වන්දි ලබාදීමට ඉන්දියාවේ "ටාටා ස්ටීල්" සමාගම ඇතුළු එරට ප්‍රමුඛ පෙලේ සමාගම් රැසක් තීරණය කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර සිටී.
එම සද්කාර්යය ගැන ටාටා ස්ටීල් සමාගම පැවසුවේ කොරෝනා ආසාදිතව මියගිය තම සේවකයින්ට වයස 60 සපිරෙන තෙක් ඔවුන්ගේ වැටුප්, නිවාස සහ වෛද්‍ය ප්‍රතිලාභ එම පවුලේ සාමාජිකයින් වෙත ලබා දීමට සිය පාලනාධිකාරිය තීන්දු කළ බවය.
එසේම එම සේවකයින්ගේ දරුවන් උපාධිය ලබන තෙක් ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් දැරීමට ද "ටාටා ස්ටීල්" සමාගම තීරණය කර ඇති බව සඳහන් වේ.
මීට අමතර ඉන්දියාවේ තවත් ප්‍රමුඛ පෙළේ කර්මාන්ත සමාගම් වන බජාජ් ඔටෝ සහ ටෙක් මහින්ද්‍රා යන සමාගම්ද කොවිඩ් ආසාදිතව මිය ගිය සිය සේවකයින්ගේ පවුල් වල සාමාජිකයින් සදහා සහන සැල සීමේ සුබසාධින වැඩසටහන් දියත් කර ඇති අතර ඒ අතරින් ඔවුන්ගේ මියගිය සේවකයින් දූ දරුවන්ගේ අධ්‍යාපන වියදම් දැරීමත් , ඉන්දීය රැපියල් ලක්ෂ 2කට අඩු වැටපු ලැබූ මියගිය සේවකයින්ගේ පවුල් වෙත වසර 2ක කාලයක් දක්වා වනතුරු වැටුප් ගෙවීමටද ඒම සමාගම් තීරණය කරනු ලැබ ඇත.
මේ වනවිට ඉන්දියාවේ 300,000කට අධික පිරිසක් කොවිඩ් -19 හේතුවෙන් මරණයට පත්වී තිබෙන අතර කොවිඩ් මරණ තුන් ලක්ෂය ඉක්මවූ ලොව තෙවැනි රට වන්නේද ඉන්දියාවය.මීට පෙර ඇමෙරිකාව සහ බ්‍රසීලය මේ ලැයිස්තුවේ සිටී.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මියයන කොරෝනා සේවකයන් වෙනුවෙන් වන්දි