
නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ යැයි මියන්මාර විරෝධතාකරුවෝ චෝදනා කරති.
මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් පෙබරවාරි 1 වැනිදා එරට බලය ඇල්ලීය.
මේ සතිය මුළුල්ලේ මියන්මාරයේ යැංගොන් නුවර චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වුණු අතර චීනය මියන්මාරයේ හමුදා ජෙනරාල්වරුන්ට සහාය දක්වන්නේ යැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.
චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වූ ඇතැම් විරෝධතාකරුවෝ “චීනය, ලැජ්ජයි ඔබ ගැන” යනුවෙන් සඳහන් වන විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කීහ. මෙම විරෝධතා පුවරුවල සටන් පාඨ සඳහා ඉංග්‍රීසි, චීන සහ බුරුම යන භාෂා භාවිත කළ තිබූ බව ද එරට මාධ්‍ය වාර් තා කර තිබිණි.
“මියන්මාරයේ හමුදා ඒකාධිපතීත්වය චීනයේ නිර්මාණය කරන ලද්දක්” යැයි එක් විරෝධතා පුවරුවක දැක්විණි. “මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් නම්, ඇයි ඔබ හමුදා ජුන්ටාවට උදව් කරන්නේ යැයි” තවත් විරෝධතා පුවරුවක දැක්විණි.
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මේ වනවිට දිනපතා විරෝධතා පැවැත්වෙන අතර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මියන්මාරයේ චීන තානාපතිවරයාට ඊට ප්‍රතිචාර දැක්වීමට ද සිදුවිය.
“මියන්මාරයේ දැන් සිදුවෙන දෙය චීනයේ අපට අවශ්‍ය දෙයක් නෙමෙයි. අපිට එහෙම දෙයක් දකින්න අවශ්‍ය නැහැ. මියන්මාරයේ දේශපාලන වෙනසක් වන බවට චීනයට කලින් දන්වා තිබුණේ නැහැ. ඒ වගේම චීනය එහෙම දෙයක් දැනෙගන හිටියෙත් නැහැ. මියන්මාර හමුදා පාලනයට හෝ ජෙනරාල්වරුන්ට චීනය සහාය දක්වනවා කීම විහිළුවක්” යැයි චීන තානාපනතිවරයා පැවැසීය.
චීනය, මියන්මාර හමුදා පාලනයට සහාය දක්වන බවට චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ චීනය ප්‍රසිද්ධියේ සහ සෘජුව හමුදා කුමන්ත්‍රණය හෙළා නොදැකීම යැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදෙති. හමුදා කුමන්ත්‍රණයට සති කිහිපයකට පෙර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ මියන්මාරයේ හමුදාපති සහ වත්මන් හමුදා ආණ්ඩුවේ ප්‍රධානී මින් අවුන් ලායිං අතර පැවැති සාකච්ඡාව ද චීනයට චෝදනා එල්ල වීමට තවත් හේතුවක් වී තිබේ.
මියන්මාරයේ නේපිඩෝ නුවරදී ජනවාරි 12 වැනිදා එම සාකච්ඡා පැවැති අතර තමන් ජනාධිපති ධුරයට පත්වීමට කැමැති බව හමුදා ප්‍රධානියා එහිදි ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. ඊට අමතරව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී මැතිවරණ වංචා සිදුව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය.
(අල්ජසිරා, රොයිටර් සහ විදෙස් මාධ්‍ය ඇසුරිනි)
055
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයට චෝදනා