IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියන්මාරයේ දැඩිමතධාරී උප ජනපති ඉල්ලා අස්වෙයි

මියන්මාර සිවිල් රජයේ නව දේශපාලන ප‍්‍රතිංස්කරණවලට ඉඩ සලසා දෙමින් දැඩි මතධාරියකු ලෙස කටයුතු කළ එරට උප ජනපති ටින් අවුන් මියැන්  ඕ (61) ඊයේ (6) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දී හමුදා රජයේ ඒකාධිපති පාලකයා වූ ජනරාල් තාන් ස්වේගේ දෙවැනියා ලෙස කටයුතු කළේ ද මොහුය. 2010 වසරේ මැතිවරණයෙන් පසු මියන්මාරයේ සිවිල් රජයක් පිහිටවූ අතර වත්මන් ජනපති ධුරය හොබවන්නේ ද හමුදා සේවයට සමුදුන් තාන් ස්වේය. 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගත්තේ ද හමුදා රජයට හිතවත් දේශපාලන පක්ෂය. ඔවුන් එක්වී පිහිටුවූ රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක කටයුතු කරන බව පෙනෙයි. වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ රඳවනු ලැබූ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී නිදහස ලැබුවේත් ඇයට ඉකුත් අපේ‍්‍රල් පළමුවැනිදා අතුරුමැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට හැකි වූයේත් එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ හේතුවෙනි. එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල පවා ප‍්‍රසංශාවට ලක්වී ඇති අතර මියන්මාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය,  ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබේ. ටින් අවුන් මියැන්  ඕ



අදහස් (0)

මියන්මාරයේ දැඩිමතධාරී උප ජනපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site