IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මියන්මාරයේ අද පැවති විරෝධතා අතරතුර තිදෙනකු මරුට

මියන්මාරයේ අද (08) දිනයේ පැවති විරෝධතා අතර තුර පෙළපාලිකරුවන් තිදෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

හිසට වැදුණු වෙඩි උණ්ඩ හේතුවෙන් උතුරු දිග මිට්කයිනා නගරයේදී දෙදෙනකු ඝාතනය වී ඇති බව සාක්ෂිකරුවෝ පවසති. පොලිසිය සහ ආරක්ෂක අංශ එම ස්ථානයේ සිටියද වෙඩි තැබීම සිදුකර ඇත්තේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි නැතැයි සඳහන් වේ.

පෙළපාලිකරුවන් විසිරුවා හැරීම සඳහා පොළිසිය කඳළු ගෑස් සහ දුම් බොම්බ යොදාගත් බවද අසල පිහිටි ගොඩනැගිලි වල සිට එල්ලවූ වෙඩි ප්‍රහාර වලින් බොහෝ දෙනකුට තුවාල සිදුවූ බවද බලා සිටින්නන් පවසා ඇත.

ඉරවඩ්ඩි ඩෙල්ටාවේ පයාර් පොන් නගරයේ විරෝධතා අතරතුර එක් පුද්ගලයෙකු ඝාතනය වී දෙදෙනකු තුවාල ලබා ඇත.

මියන්මාර ආරක්ෂක අංශ හෝ පොලිසිය මෙම ඝාතන සම්බන්දව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

පසුගිය පෙබරවාරි 01 වනදා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව වීථි බැස විරෝධතාවයේ යෙදෙති. මාසයට වැඩි කාලයක් තිස්තේ පැවති විරෝධතා වලින් මේ වනවිට 50 දෙනකුට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085



අදහස් (0)

මියන්මාරයේ අද පැවති විරෝධතා අතරතුර තිදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site