හිමිකාරීත්වය හඟවන්නට සතුන් හංවඩු ගසන්නාක් මෙන් මිනිස් ජාවාරම්කරුවෝ තමන් යටතේ සිටින මිනිසුන්ද හංවඩු ගසන බව අනාවරණයව තිබේ.
මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ආයතනයන් සදහන් කරන්නේ හිමිකාරීත්වය ඇඟවීමට දැන් මිනිස් ජාවාරම්කරුවන්ද මිනිසුන් හංවඩු ගසන බවයි.
සිරුර පිළිස්සීමට වැනි ප්‍රාථමික ක්‍රම මෙන්ම, පච්චා කෙටීම්, ඇතැම් අවස්ථාවන් වලදී වෙළඳ භාණ්ඩ වල සටහන් කර ඇති ‘‘බාර් කෝඩ්‘‘වැනි ඉහළ තාක්ෂණික උපක්‍රම පවා තම හිමිකාරීත්වය අඟවන්නට මිනිස් ජාවාරම්කරුවන් භාවිතා කරන බව එම ආයතනයන් කියයි.
මිනිස් කමට නිගා දෙන මිනිස් ජාවාරම් තවමත් ලොව සිදුවන අතර සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින රටවල යැයි කියා එහි වෙනසක් නොමැත.
බ්‍රිතාන්‍යය, ඇමරිකාව වැනි රටවල පවා මිනිස් ජාවාරම් සිදුවන බව සොයාගෙන තිබෙන අතර නයිජීරියාව වැනි අප්‍රිකා මහාද්වීපයේ රටවල් බොහෝමයකද මිනිස් ජාවාරම ඉහළින්ම සිදුවේ.
කාලයත් සමග තම උපක්‍රමයන් වෙනස් කර ඇති මිනිස් ජාවාරම්කරුවෝ දැන් ගොදුරු සොයා ගැනීමට සමාජ ජාල වෙබ් අඩවි, මංගල යෝජනා වෙබ් අඩවි, රැකියා ඇබෑර්තු ආදිය භාවිතා කරන බව අපරාධ විශේෂඥයෝ කියති.
ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවන කාන්තාවක හෝ වේවා පිරිමියෙකු හෝ වේවා ගණිකාවක ලෙස හෝ වහලෙකු ලෙස හෝ වෙනත් පුද්ගලයින්ට විකිණීම සිදුකෙරන බව ඔවුහු පවසති.
අත්අඩංගුවට ඇති ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් හෙළිව ඇති කරුණු වලට අනුව මිනිසෙකු විකිණෙන්නේ පවුම් 200 සිට පවුම් 6000 අතර මුදලකටය.
රට රටවල් අතර මිනිසුන් හුවමාරු කර ගැනීමද සිදුකෙරෙන බවද අනාවරණය කරගෙන තිබෙන අතර එම අවස්ථාවන්හිදී ගමන් බලපත්‍ර ආදී ලියැකියවිලි සාදා ගැනීමට ජාවාරම්කරුවෝ ඉතා ඉහළ මුදල් ප්‍රමාණයන් වැය කරන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිහාටත් හංවඩුව