IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මිනීමරුවා සාධාරණය ගැන කතා කරයි

පසුගිය වසරේ නෝර්වේහි රාජ්‍යයේ සිදුවූ මහා මිනිස් සංහාරයේ මහමොළකරු තමන්ට සිර ගෙදරදී ලැබෙන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමින් පිටු 27 කින් යුතු ලිපියක් ලියා නොර්වේ මාධ්‍ය අතට පත් කර ඇතැයි වාර්තා වේ. 33 හැවිරිදි ඇන්ඩර්ස් බෙහ්රින් බෙරිවික් මේ මිනිස් ඝාතනයන් සිදුකළේ වෙඩි තැබීමෙන් හා බෝම්බයක් පුපුරුවා හැරීමෙනි.මියගිය වූවන්ගේ සංඛ්‍යාව 77 ක් විය.අත්අඩංගුවට ගෙන පැවැත්වූ නඩු විභාගයකදී වැරදිකරු බවට ඔප්පු වූ ඇන්ඩර්ස්ට අවුරුදු 21 ක සිර දඩුවමක් නියම විය.ඔහු කිසියම් ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ යැයි බළධාරීන් සැක කළද එවැන්නක් ඔප්පු කිරීමට සාක්ෂි සොයා ගැනීමට නොහැකි විය.නඩු විභාගයේදී ඇන්ඩර්ස් උග‍්‍ර මුස්ලිම් විරෝධියෙකු බවට හෙළි වූ අතර ඇන්ඩර්ස් පැවැසූ ආකාරයට ඔහුගේ උත්සාහය වී තිබුණේ ඉඔහු විශ්වාස කරන ආකාරයට යුරෝපය ගිල ගනිමින් සිටිනා අන්තවාදීන් පලවා හැරිය හැකි ශක්තිමත් රජයක් පිහිටුවීමට ආදර්ශයක් සැපැයීමයි. ඇන්ඩර්ස් චෝදනා කරන අන්දමට තමන් දෙස වපර ඇසකින් බලනා බන්ධනාගාර නිළධාරීන් වෙනත් සිරකරුවන්ට මෙන් තමන්ට නොසළකන බවත් සිරකරුවෙකුගේ අයිතිවාසිකම් භුක්ති විදීමට තමන්ටද අයිතියක් ඇති බවත් සිය ලිපියේ සදහන් කොට තිබේ.තමන් ඉතා ඉවසීමෙන් කටයුතු කරනා පුද්ගලයෙකු වුවත් එයටද සීමාවක් ඇති බවත් ඔහු කියයි.තමන් කරන සෑම සියලූ දෙයක්ම නිරීක්ෂණය කරනා බන්ධනාගාර නිළධාරීන් තමන්ගේ මනැසට වදයක් යැයිද ඔහු කියා තිබේ.තවද දිනකට එක් වරක් දත් මැදීමටත් සතියකට වරක් පමණක් රැුවුල බෑමටත් අවසර තිබීම තමාට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවද ඔහු සිය ලිපියෙන් පවසන ඔහු ලියුම් ලිවීමට ලබා දී ඇති පෑනේ සිට පවා තමන් සැක කරන ඔවුන් හමුවේ කෙසේ කටයුතු කර ගනිම්දැයි විමසයි. කෙසේ වුවද බන්ධනාගාර නිළධාරීන් නම් පවසන්නේ ඔහුට සිරකරුවෙකුට ලැබෙන පහසුකම් අඩු නොමැතිව ලබා දීමට කටයුතු කර ඇති බවයි.



අදහස් (0)

මිනීමරුවා සාධාරණය ගැන කතා කරයි

කීර්ති Tuesday, 27 November 2012 01:52 AM

මෙයාට මොන පහසුකම්ද? (නි)

:       0       0

කිර්ති Tuesday, 27 November 2012 02:08 AM

විකාර කියන්න මේවාට තමයි

:       0       0

ජෝසප් Tuesday, 27 November 2012 02:29 PM

දෙයියෝ සාක්කි

:       0       0

මධූ Monday, 26 November 2012 01:07 PM

මිණීමරුවන්ට මොන පහසු කම්ද (ස)

:       0       0

ජීවන් Monday, 26 November 2012 01:26 PM

ජාතීවාදීනි, මෙන්න හොඳ පුවතක් (ස)

:       0       0

චූලා Monday, 26 November 2012 01:20 PM

මෙන්න වර්ගවාදීන්ට හොඳ පුවතක් (ස)

:       0       0

ජීවන් Monday, 26 November 2012 01:27 PM

මරණ බය ...මරණ බය ...

:       0       0

ජෝන් Tuesday, 27 November 2012 04:57 PM

මම නම් කියන්නේ එයා හරි කියලයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 November 2012 07:47 AM

වැලිකඩ ආදර්ශයට ගන්න (ස)

:       0       0

කාශ්‍යප Friday, 07 December 2012 07:31 AM

අනේ අනිච්චං මෙහෙවු රටක්? (නි)

:       0       0

හිරු Tuesday, 27 November 2012 07:39 PM

මිනිහ කරපු වැඩෙ අනුමත කරන්න බැරි වුණත් එයා පවසන්න හදපු දේ සත්‍යයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නිමල් Tuesday, 27 November 2012 12:16 AM

මම නම් මෙයාට ගොඩක් කැමතියි. මෙයා හරි. අපිත් මේ වගේ වැඩක් ගැන හිතුවොත් හොද නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site